Home » මාලදිවයිනේ රාජ්‍ය ආයතනවලට රජයෙන් උපදෙස් මාලාවක් ඩොලර්වලින් වැටුප් ගෙවීම අත්හිටුවයි

මාලදිවයිනේ රාජ්‍ය ආයතනවලට රජයෙන් උපදෙස් මාලාවක් ඩොලර්වලින් වැටුප් ගෙවීම අත්හිටුවයි

-වැටුප් වැඩි කිරීම් සහ නව බඳවාගැනීම් සම්පූර්ණයෙන්ම තහනම්

by sachintha
September 11, 2024 1:24 am 0 comment

මාලදිවයිනේ උද්ගත වී ඇති ආර්ථික අර්බුදය පාලනය කිරීමේ පියවරක් ලෙස අමෙරිකානු ඩොලර් මුදල් ඒකකයෙන් ගෙවීම් සිදු කිරීම වහාම නවත්වන ලෙස එරට සියලුම රාජ්‍ය සමාගම් හා ව්‍යාපාරික ආයතනවලට රජය උපදෙස් ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රාජ්‍ය සමාගම්වල වියදම් අවම කිරීමට අවශ්‍ය පියවර ගැනීම ඇතුළු උපදෙස් සහිත චක්‍රලේඛයක් ඊයේ නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

අනුමත පරිපාලන ව්‍යුහයේ තනතුරු ඇතුළත්ව සියලු බඳවාගැනීම් නවත්වන ලෙසත්, පෞද්ගලිකරණ හා සංස්ථාපිත මණ්ඩලයේ අවසරයකින් තොරව සේවකයන්ගේ දීමනා සහ වැටුප් වර්ධක අත්හිටුවන ලෙසත් එම චක්‍රලේඛයේ සඳහන් වන බව වාර්තා වේ. මීට අමතරව අත්‍යවශ්‍ය කාර්යයකදී හැර සේවකයන් අතිකාල සේවයේ යෙදවීම ද තහනම් කර ඇති අතර, සේවකයන්ට අවශ්‍ය පුහුණුව සහ මූලාශ්‍ර මාලදිවයින තුළින්ම ලබාගන්නා ලෙසත්, රාජ්‍ය සේවයේ නිල සංචාර අත්‍යවශ්‍ය පුද්ගලයන්ට පමණක් සීමා කරන ලෙසත් එම චක්‍රලේඛය මගින් උපදෙස් ලබා දී ඇත.

විදෙස් සංචාර අවම කිරීමට සහ ජාත්‍යන්තර ගනුදෙනුකරුවන් සහ සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා පැවැත්වීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට ද උපදෙස් සපයා ඇති අතර, පොදු ප්‍රවාහනය භාවිත කිරීමට හා වියදම් අවම කිරීමට ද දැනුම් දී ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT