Saturday, April 19, 2025
Home » විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට ව්‍යාපාරිකයෝ බංගලි රජයට පැය 48ක් කල් දෙති

විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට ව්‍යාපාරිකයෝ බංගලි රජයට පැය 48ක් කල් දෙති

by sachintha
September 11, 2024 1:21 am 0 comment

ඉල්ලුමට සරිලන විදුලිබලය නිෂ්පාදනය කිරීමට නොහැකිව අන්තර්වාර රජය දුෂ්කරතාවට පත්ව සිටින අතර, විදුලිබල හිඟය හේතුවෙන් ග්‍රාමීය ප්‍රදේශවල පමණක් නොව ඩකා අගනුවරද දිනකට වාර ගණනාවක් විදුලිය බිඳ වැටෙන බව වාර්තා වේ. මේ තත්ත්වය එරට ව්‍යාපාරිකයන්ට ඔවුන්ගේ දෛනික ව්‍යාපාර කටයුතු සඳහා දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ද, ඉදිරි පැය 48 ඇතුළත විදුලිය බිඳවැටීම යථා තත්ත්වයට පත් කිරීමට අන්තර්වාර අසමත් වන්නේ නම් රජයට එරෙහිව වීදි බසින බවට සිලෙට් නුවර ව්‍යාපාරික ප්‍රජාව දැනටමත් තර්ජනය කර තිබේ. සිලෙට් නුවර ව්‍යාපාරික සංගම් රැසක් ඒකාබද්ධව එම නිවේදනය නිකුත් කර ඇති අතර, සෑම පැය භාගයකට වරක් විදුලිය බිඳ වැටීම හේතුවෙන් සිදුවන ව්‍යාපාරික අලාභයට රජය වගකිව යුතු බවට චෝදනා කර ඇතැයි ද වාර්තා වේ. එහෙත් ජාතික විදුලිබල පද්ධතියට අවශ්‍ය විදුලි ධාරිතාව සපයා ගත නොහැකිව අසීරුතාවට පත්ව සිටින අන්තර්වාර රජයට සිලෙට් නුවරට අවශ්‍ය මෙගාවොට් 700ක ඉල්ලුම සපුරා ගැනීම අභියෝගයක් වී ඇත.

අන්තර්වාර රජයේ වාණිජ හා මුදල් උපදේශක ආචාර්ය සලේහුඩීන් අහමඩ් ප්‍රකාශ කර ඇත්තේ එරට විදුලිබල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට කාලයක් ගතවනු ඇති බවය. වාර්තාකරුවන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සපයමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ විදුලි හිඟය පිළිබඳ රජයේ දැඩි අවධානය යොමු වූවද, ඉන්ධන හා ගල් අඟුරු ආනයනය කරමින් කඩිනමින් එම ගැටලුව විසඳීමට රජය අපේක්ෂා කරන බවය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT