Home » නෙත්මි අහිංසාට ඉහළ පිළිගැනීමක්

නෙත්මි අහිංසාට ඉහළ පිළිගැනීමක්

by sachintha
September 10, 2024 1:46 am 0 comment

ස්පාඤ්ඤයේ පැවති වයස අවුරුදු 20න් පහළ මල්ලවපොර ලෝක ශූරතාවලියේ ලෝකඩ පදක්කමක් දිනාගත් නෙත්මි අහිංසා ඊයේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියාය.

ලෝකයේ රටවල් 100කට අධික ප්‍රමාණයක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම තරගය ජයගත් නෙත්මි අහිංසා පැවැසූවේ කසකස්තාන, බල්ගේරියානු සහ හංගේරියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් පරාජය කිරීම පිළිබඳ සතුටුවන බවයි. කුරුණෑගල , පන්නල වෙල්පල්ල සංඝරත්න මහා විද්‍යාලයේ සිසුවියක් වූ නෙත්මි අහිංසා පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් සහ ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ නිලධාරීන් ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

 

කටුනායක ටී.කේ.ජී.කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT