Thursday, April 24, 2025
Home » මුල්ම අවුරුදු 11-19 බැඩ්මින්ටන් තරගාවලිය

මුල්ම අවුරුදු 11-19 බැඩ්මින්ටන් තරගාවලිය

by sachintha
September 10, 2024 1:45 am 0 comment

ශ්‍රී ලංකාවේ පළමුවරට අවුරුදු 11 සිට 19 දක්වා වයස් කාණ්ඩයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් බැඩ්මින්ටන් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සැලසුම් කර ඇත. එහි කලාපීය සංවර්ධන අංශය විසින් මෙහෙයවනු ලබන එම වයස් කාණ්ඩ ආධුනික බැඩ්මින්ටන් ශූරතාවලිය මේ මස 28 වැනිදා සිට ඔක්තෝබර් මස 2 වැනිදා දක්වා උඩුගම්පොළ, නයිවල පිහිටි නිව් සනිරෝ එයාර්පෝර්ට් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිත අතර, අයැදුම්පත් භාර ගැනීම මේ මස 20 වැනිදායින් අවසන් වෙයි.

අවුරුදු 11න් පහළ, 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ අවුරුදු 19න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පැවැත්වෙන වයස් කාණ්ඩ ආධුනික බැඩ්මින්ටන් ශූරතාවලියේ සමාරම්භක උත්සවය මේ මස 28 වැනිදා පැවැත්වෙන අතර, එදින සිට 30 වැනිදා දක්වා මූලික වටයේ තරග පැවත්වීමට කටයුතු යොදා තිබේ. තරගාවලියේ අර්ධ අවසන් පූර්ව සහ අවසන් පූර්ව වටයේ තරග ඔක්තෝබර් මස 1 වැනිදා පැවැත්වෙන අතර, අවසන් පූර්ව සෙසු තරග සමඟ අවසන් තරග හා සමාප්ති උත්සවය ඔක්තෝබර් 2 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇත. ශූරයන්ට, අනුශූරයන්ට සහ අවසන් පූර්ව වටයට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වටිනා ත්‍යාග, සහතික පත් සහ පදක්කම් පිරිනැමෙන අතර, මෙමඟින් පාසල් වියේ පසුවන ආධුනික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික තලයේ දොරටු විවර කරදීම මූලික අරමුණයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT