ජාත්‍යන්තර චෙස් ජයග්‍රහණ රැසක් ගෙන දීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන වයස අවුරුදු 9ක් වූ තෙහස් රිත්මිත කිරිංගොඩ සමත් වෙයි. පසුගියදා කළුතර සීට්රස් හෝටලයේදී පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් ශූරතාවලියේදී වයස අවුරුදු 10න් පහල පිරිමි බ්ලිට්ස් ඉසව්වෙන් ශූරතාව දිනාගෙන රන් පදක්කමක් හිමි කරගත් ඔහු රැපිඩ් ඉසව්වෙන් රන් පදක්කමක් හා ක්ලැසික් ඉසව්වෙන්ද රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය.
පසුගිය වසරේදී ග්‍රීසියේ පැවති ලෝක පාසල් චෙස් ශූරතාව දිනාගත් තෙහස් රිත්මිත මේ වසරේ කසකස්තානයේ පැවැති ආසියානු යොවුන් චෙස් ශූරතාවලියේදී රිදී පදක්කමක් දිනා ශ්‍රී ලංකාවට කීර්තිය ගෙන දුන්නේය. කොළඹ ආනන්ද විද්‍යාලයේ චෙස් උපදේශක හා පුහුණුකරුවන් ලෙස කටයුතු කරන සුනීතා විජේසූරිය හා යසිරු මිහිරංග යන මහත්ම මහත්මීන් යටතේ පුහුණුව ලැබූ ඔහු ලෝක ශූරයෙක්් බවට පත්වීම සතුටට කරුණකි.
කළුතර මධ්‍යම විශේෂ