‘අරගලය වෙලාවේ නායකයෝ අත් හැරලා හිටපු මේ රට භාර ගන්න හිටිය එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පමණයි. හැබැයි මම එදා එතැන හිටියා නම් අනිවාර්යයෙන් කරන්න බැරි වුණත් රට භාර ගන්නවා කියන එක ස්ථිර වශයෙන් ප්‍රකාශ කරනවාÓ යැයි කොහොඹිලිවෙලදි රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පක්ෂ කාර්යාලයක් විවෘත කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතා පැවසීය.
ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කියා සිටියේය.
“අපේ රටේ විශාල යුද්ධයක් තිබුණු වෙලාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉදිරිපත් වෙලා රජයේ කැබිනට් මණ්ඩලයත්, පක්ෂ විපක්ෂ සියලු දෙනාත් එකතු වෙලා, ත්‍රිවිධ හමුදාව හා පොලිසිය එකතු වෙලා එල්ටීටීඊයට හිස ඔසවන්න බැරි තත්ත්වයට ගෙනත් අපේ මේ ශ්‍රී ලංකාව බේරා ගත් බව රටත්, ඔබත් දන්නවා. ඒ වගේම අරගලය වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ මහත්වරු රටේ ලේ වැගිරීමක් නොකර තනතුරුවලින් ඉවත්ව රනිල් වික්‍රමසිංහ මැතිතුමාට රට භාර දීමත් අගය කළ යුතුයි. ඒ අනුව රට බේරා ගත් නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ කියන නාමය ඉතිහාසයට එක් වෙනවා. අපට ඉන්න රටක් අවශ්‍යයි. එතුමා දූ දරුවන්ට, අනාගතයට රටක් ඉතිරි කරලා තිබෙන, පරිණත දේශපාලන අත්දැකීම් මැනවින් ඉටු කරන නායකයෙක්. ගම්වාසී ඔබ හිතට ගන්න අරගලයෙන් දූෂණය භීෂණය පිරුණු රට භාර ගන්න සජිත් ප්‍රේමදාසට, අනුර කුමාර දිසානායකට විවෘත ආරධනාවක් කළා. සියලු දෙනාම පස්සට ගමන් කළා. දෙස් විදෙස් රටවල් මවිතය පළ කළා මේ ශ්‍රී ලංකාවේ අනාගත ප්‍රශ්නය දෙස බලලා. ඔවුනුත් බලාගෙන හිටියා. අවසානයේ පාර්ලිමේන්තුවේ එක ආසනයක් තිබුණු රනිල් වික්‍රමසිංහ මහතාට රට භාර දුන්නු ආකාරයට නියම තැනට රට අරන් ගියා. ශ්‍රී ලංකාවාසී සියලු දෙනාත්, ගම් මට්ටමේ, බිම් මට්ටමේ ඉන්න අයත් මේ වෙලාවේ පක්ෂ පාට භේද නොසලකා රට බේරා ගත් නායකයා විදිහට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්න. සිංහල, දමිළ, මුස්ලිම් අප සියලු දෙනා කෙළෙහිගුණ දන්නා පිරිසක් ලෙස ගෑස් ටැංකියට කතිරය ගහන්න කියා ඉතාම උනන්දුවෙන් හා කැපවීමෙන් ඉල්ලීමක් කරනවා.”
උකුවෙල සංචාරක ප්‍රියන්ත සුමනසේන