ආසියාවේ බලගතුම රාජධානිය සැප්තැම්බර් 22 රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන බව හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා පෙරේදා (8) පැවසීය.
ගාල්ල කනම්පිටියේ පැවැති පොකුරු රැස්වීමක් අමතමින් අබේවර්ධන මහතා මේ බව කීය. ඔහු එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය.
“රනිල් කියන්නේ තුන්කල් දකින නායකයෙක්. අනෙක් සියලු දෙනා පැන යද්දී රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට භාර ගත් නිසා අද පවතින තත්ත්වයට රට පත් වුණා. රටේ සංවර්ධනයට නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට, දූෂණය නැති කිරීමට පසුගිය කෙටි කාලය තුළ පනත් රාශියක් රජය සම්මත කර ගත්තා. රට සංවර්ධනය කිරීමට, විදේශ විනිමය උපයා ගැනීමට අපනයනය මුල් කර ගත් භාණ්ඩ නිෂ්පාදනයට අවශ්‍ය මූලික පියවර දැනටමත් අරගෙන තිබෙනවා. කිරි බොන බබෙකුට මේ රට පාලනය කළ නොහැකියි. කිරි බොන බබා ජනපති සටනින් දැනටමත් පරාජය පිළිගෙන තිබෙනවා. සජිත් ඇතුළු කණ්ඩායමට මේ රටේ බලය කවර දිනයකවත් ලබා ගත නොහැකියි. මේ අය තවම ආණ්ඩුවක් කිරීමට තරම් අත්දැකීම් ලබා නැහැ. රට ඉදිරියට ගෙන යා හැක්කේ අත්දැකීම් ඇති පරිණත නායකයෙක් වන රනිල් වික්‍රමසිංහ මහතාට පමණයි. උතුර, දකුණ, නැඟෙනහිර බටහිර විශ්වාසය දිනාගෙන ඇති එකම නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයායි. එතුමා අති විශාල ජනතාවකගේ සහයෝගය ඇතිව මේ රටේ නව වන ජනාධිපතිවරයා බවට පත්වීම ඉර හඳ පායනවා වගේ විශ්වාසයි. එම ජයග්‍රහණය වළක්වන්නට විදේශ බලවේග ක්‍රියාත්මක වුවත් ඒ සියල්ල පරාජය කිරීමේ ශක්තියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙනවා.
රට ගොඩ ගත් නායකයා දිනවීමට මේ රටේ පොදු ජනතාව ලබන 21 වන දින නිවැරදි තීරණයක් ගනු ඇතයි අපි විශ්වාස කරනවා.”
ගාල්ල උතුර සමූහ දික්වැල්ලේ තිලකරත්න