Home » මහපොළ ශිෂ්‍යාධාර ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය

මහපොළ ශිෂ්‍යාධාර ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය

by yasara
September 10, 2024 1:27 pm 0 comment

සරසවි සිසුන්ගේ මහපොළ හා ශිෂ්‍යාධාර ඉහළ නැංවීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙයි.

විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර වාරික 2015 වර්ෂයේ සිට මේ දක්වා වැඩි කර නොමැති බැවින්, එකී වාරික මුදල් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව අධ්‍යාපන අමාත්‍යතුමා සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවක් මඟින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු වී තිබෙයි.

ඒ අනුව මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රුපියල් 7,500 දක්වාත්, ශිෂ්‍යාධාර වාරිකය රුපියල් 6,500 දක්වාත් 2025 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT