Wednesday, April 23, 2025
Home » කන්කසන්තුරේ වරාය පුළුල් කර සංවර්ධනයට ඉන්දියාවෙන් අ.ඩො. මිලියන 65ක මුදලක්

කන්කසන්තුරේ වරාය පුළුල් කර සංවර්ධනයට ඉන්දියාවෙන් අ.ඩො. මිලියන 65ක මුදලක්

by sachintha
September 10, 2024 1:42 am 0 comment

කන්කසන්තුරේ වරාය පුළුල් කර සංවර්ධනය කිරීම පිණිස ඉන්දීය රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 65ක මුදලක් ලබාදීමට එකඟ වී ඇති බව ඉන්දීය මධ්‍යම රජය පෙරේදා (8දා) ප්‍රකාශයට පත් කර තිබේ. කන්කසන්තුරේ වරාය පුළුල් කර සංවර්ධනය කිරීමෙන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර වාණිජ කටයුතු ශීඝ්‍රයෙන් වර්ධනය කිරීමට ද ඉන්දියාව බලාපොරොත්තු වන බව නිවේදනයේ සඳහන් වේ. ඉන්දියාවේ සිට භාණ්ඩ රැගත් විශාල ප්‍රමාණයේ නැව්වලට කන්කසන්තුරේ වරාය වෙත සේන්දු වීමටත් භාණ්ඩ පැටවුම් හා ගොඩබෑම් විශාල ධාරිතාවකින් යුතුව සිදු කිරීමට කන්කසන්තුරේ වරාය පුළුල් කිරීමේ වැඩසටහනින් අවස්ථාව උදාවන බව ද ඉන්දියාව ප්‍රකාශ කර තිබේ.

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, යාපනයේ දූපත්වල සුළං බලාගාර, දුම්රිය ප්‍රවාහනය යන ක්ෂේත්‍ර සඳහා ඉන්දියාව මූල්‍ය ආධාර හා ආයෝජන කර ඇති බව ද එම නිවේදනයේ සඳහන් වේ.

ඉන්දියාව ගෙන ඇති මේ තීරණය ශ්‍රී ලංකා ගුවන් සේවා සහ නාවික ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ද පසුගිය 7දා යාපනයට පැමිණි අවස්ථාවේදි සනාථ කළේය.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT