පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට දිනපතා ගිරවෙකු පැමිණ පොලිස් නිලධාරීන් සමඟ මිත්‍රශීලීව ඔවුන් සමඟ එකට ආහාර ලබාගන්නා බව පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයෙන් වාර්තා වේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ දෙවන මහලේ පිහිටි විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණෙන ගිරවා පොලිස් නිලධාරීන් සමඟ මිත්‍රශීලී බවක් ගොඩනඟා ඔවුන්ගේ කාර්යාල මේස මත සහ එහි අවට ගැවසෙන බවද වාර්තාවේ.
පොලිස් නිලධාරින් දිවා ආහාරය ලබාගන්නා අවස්ථාවලදී ඔවුන්ගේ බත් පාර්සල්වලට ළඟා වී ආහාර අනුභවයට ද පුරුදු වී සිටින අයුරුද දැකගත හැකි විය.
ගිරවාට අවශ්‍ය වේලාවලදී කාර්යාලයෙන් බැහැරට පියඹා ගොස් නැවත කාර්යාලයට පැමිණෙන බවත්, කාර්යාල ජනෙල් කවුළු වසා තැබුවහොත් බොහෝ වේලාවක් ඒ අසල රැඳී සිට ජනෙල් විවෘත කළ සැණින් නැවත කාර්යාලයට පැමිණෙන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
කිසියම් නිවෙසක සුරතලයට ඇති කර තිබෙන බව පෙනෙන අතර මෙම පක්ෂියා මේ වනවිට කාර්යාලයට කිසියම් සුන්දරත්වයක් එක්කරන බවද වාර්තාවේ.
මෙම ගිරවා Rose ring parakeet (මාල ගිරව්) විශේෂයට අයත් බව පානදුර පරිසරවේදියෙක් පැවසීය.
පොතුපිටිය – සුමිත් ප්‍රේමතිලක