Home » අභියෝග ජයගන්නා බවට මාලදිවයිනේ මුදල් ඇමැතිගෙන් ප්‍රකාශයක්

අභියෝග ජයගන්නා බවට මාලදිවයිනේ මුදල් ඇමැතිගෙන් ප්‍රකාශයක්

by sachintha
September 10, 2024 1:47 am 0 comment

වසර 2026දී එක වරකල් පිරෙන සුකුක් බැඳුම්කර ඇතුළු ණය ආපසු ගෙවීමේ දුෂ්කරතාවට පත්ව සිටියද එම වගකීම ඉටු කිරීමට රජය සමත්වනු ඇතැයි මාලදිවයිනේ මුදල් ඇමැති ආචාර්ය මොහොමඩ් ෂෆීක් විශ්වාසය පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අමෙරිකානු ඩොලර් මිලියන 25ක කූපන් සුරැකුම්පත් ලබන ඔක්තෝබර් මස 8 වැනිදාට පෙර ගෙවීමට සිදුවී ඇතැයි ද, එය නියමිත වේලාවට ගෙවීමට හැකිවනු ඇතැයි ද එරට අවාස් පුවත් සේවය සමඟ පසුගියදා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළ බව වාර්තා වේ. එය සම්පූර්ණ කිරීමෙන් පසු ආයෝජකයන් සහ මූල්‍ය අංශයේ විශ්වාසය නැවත අත්කර ගැනීමට මාලදිවයිනට හැකිවනු ඇතැයි ද අමාත්‍යවරයා විශ්වාසය පළ කර තිබේ.

වසර 2021 දී නිකුත් කළ අමෙරිකානු ඩොලර් මිලියන 800ක බැඳුම්කරයක් සඳහා දෙවැනි කූපන් ගෙවීමට මාලදිවයින් රජය ප්‍රමුඛතාව ලබා දී ඇති බවත්, 2026දී එකවර ගෙවීමට සිදුවී ඇති අමෙරිකානු ඩොලර් මිලියන 250ක මුදල ගැන විශේෂ අවධානය යොමු කර ඇති බවත් මුදල් අමාත්‍යවරයා අවාස් පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ. ඒ හැර මේ වසරේදී වෙනත් සුකුක් බැඳුම්කර ගෙවීමට නොමැති බවත් ඔහු සඳහන් කර ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT