Home » සිඩ්නි නිවසක අබිරහස් ඛේදවාචකයක්

සිඩ්නි නිවසක අබිරහස් ඛේදවාචකයක්

by chanaka
September 10, 2024 12:26 pm 0 comment

සිඩ්නි බ්ලූ මවුන්ටන්ස් (Blue Mountains) ප්‍රදේශයේ නිවසක තිබී මියගිය දරුවන් දෙදෙනෙකුගේ සිරුරු හමුවී තිබේ.

ඕස්ට්‍රේලියා වේලාවෙන් අද දහවල් 12.40ට මෙම නිවසට පොලිසිය පැමිණ තිබුණේ කාන්තාවක සහ දරුවන් දෙදෙනකු මෙම නිවසේ අසාධ්‍ය තත්වයේ සිටින බවට තොරතුරු ලැබීම හේතුවෙනි.

එහිදී අවුරුදු නවය සහ 11 වයස්වල පසුවන පිරිමි ළමයින් දෙදෙනෙකු නිවස තුළ මියගොස් සිටියදී ඔවුන්ගේ ඥාතියෙකු විසින් සොයාගෙන ඇත.

එම නිවසේ සිටි 42 හැවිරිදි කාන්තාවක් පොලිස් ආරක්ෂාව යටතේ වෙස්ට්මීඩ් රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර ඇය ස්ථාවර තත්ත්වයේ පසුවන බව සඳහන්ය.

දරුවන් දෙදෙනාගේ මරණවලට හේතුව සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මෙතෙක් සැක කටයුතු කිසිවක් වාර්තා වී නොමැති බව එරට මාධ්‍ය වාර්තා සදහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT