Home » පාදුක්කේ නි‍ෙවසක තිබූ වාහන තුනක් එකවර ගිනි අරන්

පාදුක්කේ නි‍ෙවසක තිබූ වාහන තුනක් එකවර ගිනි අරන්

by gayan
September 7, 2024 1:00 am 0 comment

පාදුක්ක මාහිංගල ප්‍රදේශයේ නිවසක නවතා තිබූ වෑන් රථයක් කැබ් රථයක් සහ ත්‍රීරෝදයක් හදිසියේ ම ගිනි ගෙන විනාශ වී ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි

හොරණ නගර සභා ගිනි නිවීම් ඒකකය පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කල ද ඒ වන විටත් වාහන තුනම ගිනිගෙන විනාශ වී ඇති බවත් පොලිසිය පවසයි

වෙන්දේසි වත්තක් අසල පිහිටි මෙම ඉඩමට කිසිවකුට ඇතුලත් වීමට හැකියාවක් නොමැති බවත් කිසිවෙකු විසින් මෙම වාහන වලට ගිනි තැබුවාද නැතහොත් එක් රථයකට ගිනි ඇවිලීම නිසාවෙන් අනෙක් වාහන වලටත් ගිනි ඇවිලුනාද යන්න පිළිබදව තවමත් අනාවරණය වී නැති බවද පොලිසිය පවසයි

මේ පිළිබඳව පාදුක්ක පොලිසිය මගින් වැඩි දුරටත් පරීක්ෂණ පවත්වයි

මීගොඩ බී.කේ. කත්‍රිආරච්චි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT