රට ඉදිරියට ගෙනයා හැකි හොඳම කණ්ඩායම ආර්ථික අභියෝගය හමුවේ රට භාර ගත් කණ්ඩායම බවත් සැප්තැම්බර් 21වනදා ගෑස් සිලින්ඩරය ඉදිරිපිට කතිරය ගසා අසීරුවෙන් ගොඩනැඟූ රටේ ආර්ථිකය බේරාගන්නා ලෙස තමා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඉකුත්දා (04) පස්වරුවේ යාපහුවේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.
ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධාන කර තිබූ මේ ජන රැලියට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ.
මෙහිදී ජනතාව මහත් හරසරින් යුතුව ජනාධිපතිවරයා පිළිගනු ලැබූහ.
ජන රැලිය ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ආර්ථික අර්බුදයෙන් රට බේරාගත්තේ මෙරට ගොවි ජනතාව මිස ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින 38 දෙනා නොවන බවයි.
වයඹ ගොවි ජනතාව වෙනුවෙන් වයඹ ඇළ ව්‍යාපෘතියේ ඉතිරි කටයුතු ද කඩිනමින් නිම කරන බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
අද මේ වේදිකාව සියලු දේශපාලන පක්ෂ නියෝජනය කරන වේදිකාවක් වී තිබෙනවා.මෙවන් වේදිකාවක් පිළිබඳ මා හෝ ඔබ කිසිදා සිතුවෙත් නැහැ. නමුත් මේ රටේ ජනතාව ජීවත් කරවීම වෙනුවෙන් අපට එකම වේදිකාවකට එන්න සිදු වුණා. අද තැපැල් ඡන්දය ආරම්භ වුණා. ඒ පිළිබඳ සුබ ආරංචි තිබෙනවා. ඒ සමඟ මට ඡන්දය දුන් සියලු ජනතාවට මා ස්තුතිවන්ත වෙනවා. අද මෙවැනි මැතිවරණයක් පැවැත්වීමට හැකිවනු ඇතැයි මීට වසර දෙකකට පෙර කිසිවෙක් සිතුවේ නැහැ.
අපට මේ මැතිවරණය පැවැත්වීමට හැකිවුණේ අප සියලුදෙනා එකට එක්ව මේ රටේ ආර්ථිකය ස්ථාවර කළ නිසයි. එදා මේ රටේ ආර්ථිකය කඩාවැටී තිබූ අවස්ථාවේ හොඳ වී අස්වැන්නක් ලබා ගැනීම පිළිබඳ මගේ අවධානය යොමු වුණා. එහිදී අමෙරිකාවට සහ ලෝක බැංකුවට කතා කර පොහොර ලබාගෙන ගොවි ජනතාවට ලබා දුන්නා. ගොවි ජනතාව 2023 මහ කන්නයේදී හොඳ අස්වැන්නක් ලබා දුන්නා. ඒ අනුව රටේ වී නිෂ්පාදනය ඉහළයෑමට පටන් ගත්තා. ඒ සමඟම නැවත රටට සංචාරකයන් පැමිණීම ආරම්භ වුණා. මේ තුළින් තමයි අපි රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙනාවේ. ඒ වෙනුවෙන් මම සියලු ගොවි ජනතාවට ස්තූතිවන්ත වෙනවා.
වයඹ ගොවි ජනතාව වෙනුවෙන් වයඹ ඇළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුදල් ලබාදීමට මම කටයුතු කරන බව ද මෙහිදී ප්‍රකාශ කරනවා.
ආර්ථික අර්බුදය හමුවේ රට බේරුවේ ගොවි ජනතාවයි. ඒ හැර ජනාධිපතිවණයට ඉදිරිපත්ව සිටින 38 දෙනා නොවෙයි. ඔවුන් මේ රට ගොඩගන්න බැහැ කිව්වා. නමුත් අපි රටේ ආර්ථිකය ගොඩනඟා දුන්නා. දැන් අප මේ ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතුයි. අප ණය වී සිටි රටක්. බංකොලොත් වූ රටක්. පසුගිය වසර දෙකේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අපට ණය ලබාදී තිබූ රටවල් 18ට කතා කර සහන ලබා ගැනීමට අපට හැකි වුණා.
රටේ ආර්ථික ස්ථාවරභාවය ඇති කර අපට නැවත ණය ගෙවිය හැකි ශක්තිය ලබාගත් විට අපට ඉදිරියට යෑමට දැන් ඒ රටවල් සහාය දෙනවා. ඔවුන්ගේ ආධාර නැත්නම් අප වැටෙනවා. ඒ නිසා අප මේ ස්ථාවරත්වය ආරක්ෂා කරගෙන ඉදිරියට යා යුතුයි.
නායකයන් පැන ගිය විට රට ගොඩගත්තේ අපේ කණ්ඩායමයි.ඒ නිසා රට ඉදිරියට ගෙනයා හැකි හොඳම කණ්ඩායම අප සමඟ සිටින බව කිව යුතුයි.ඒ සමඟ එජාප පාක්ෂිකයන්ට ද කරුණක් පැවසිය යුතුයි. තමන්ගේ සැබෑ උරුමය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යෑමට මෙවර ජනාධිපතිවරණයේදී මා සමඟ එක්ව ලෙස මම කුරුණෑගල පුරවරයේ සියලු එජාප පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ජේ.ආර්. ජයවර්ධන මහතා 1977 රට භාරගෙන රටේ ආර්ථිකය ගොඩනැඟුවා. පසුගිය වසර දෙකේ රට ගොඩනැඟීමට මා ආරම්භ කළ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයෑමේ ජනවරම මෙවර ජනාධිපතිවරණයේදී මා ඉල්ලා සිටිනවා.
අප පක්ෂයේ සිටි නායකයන් අතරින් ඩී.එස්. සේනානායක මහතා හැර අනෙක් සියලු නායකයන් මම දැන සිටියා. ඒ පක්ෂයේ වත්මන් නායකයා මමයි. සජිත් ප්‍රේමදාස දැන් එජාපයේ නොවෙයි. ඔහුට අනුර කුමාරව පරද්දන්න බැහැ. අනුර කුමාර දිසානායක නිර්මාණය කළේ සජිත් ප්‍රේමදාසයි. හැමදාම මේ රටේ තරගය තිබුණේ දෙදෙනෙකු අතරයි. ආණ්ඩුවේ සහ විපක්ෂයේ ලෙස දෙදෙනෙක් අතර තරගය පැවතුණා. ආණ්ඩුවේ කෙනා දැන ගන්න ඕනෑ දෙවැනියකුට ඉඩ නොදෙන්න. ඒ වගේම අනෙක් පක්ෂ පාලනය කිරීමට විපක්ෂ නායකයා දැන ගත යුතුයි. ජේ.ආර්. ජයවර්ධන මහතා විපක්ෂ නායකවරයා සිටියදී වෙන කාටවත් එන්න ඉඩ දුන්නේ නැහැ. එතුමා අගමැති වුණා. බණ්ඩාරනායක මැතිනිය විපක්ෂ නායක වුණාම වෙන කාටවත් එන්න ඉඩ දුන්නේ නැහැ. එතුමිය විපක්ෂ නායිකාව වුණා. සජිත් කළේ හැමදාම පාර්ලිමේන්තුවේ දොඩවන එකයි. ඒ නිසා 2%ක් තිබූ අනුර කුමාර නැඟිටලා ආවා. දැන් අනුර කුමාර සජිත්ට තර්ජනයක් වී තිබෙනවා. සජිත් දිනන්නේ නැහැ. සජිත්ට දෙන හැම ඡන්දයම අනුර කුමාරට සහායක් වෙනවා. ඒ නිසා සජිත්ට ඡන්දය දෙන්න එපා කියලා මම සියලු එජාප පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔබ සැප්තැම්බර් 21 වැනිදා ගිහින් ගෑස් සිලින්ඩරය ළඟින් කතිරය ගහන්න.
මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා –
සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන්නේ අප රටේ ඉතිහාසයේ තීරණාත්මක මැතිවරණයක්. මීට වසර දෙකකට පෙර බිඳ වැටී තිබූ රට නැවත ගොඩනැඟුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය බව පැවසිය යුතුයි. එදා සිට මේ පැවති ගමන්මඟ ඉතා සුවිශේෂී එකක් බව කිව යුතුයි.
අද ඡන්දය ඉල්ලන සජිත් – අනුර එදා රට ගිනි තිබ්බා. නමුත් ඒ ගිනිදැල්ල නිවා දැමීමේ වගකීම රනිල් වික්‍රමසිංහ මහතා භාර ගත්තා. මේ රටේ අනාගතය සහ ස්ථාවර රටක් බිහිවන්නේ රනිල් වික්‍රමසිංහ මහතා නැවත වරක් ජනාධිපති වුවහොත් පමණයි.
එදා බින්දුවෙන් පටන් ගත් මේ රටේ ආර්ථිකය ගොඩනැඟීම ක්‍රමානුකූලව සිදු වුණා. ඒ නිසා අපි නැවතත් 2022 පැවති තත්ත්වයට යනවා ද, ඉදිරියට යනවා ද කියා ඔබ තීරණය කළ යුතුයි.
වත්මන් රජය මේ රටේ ගොවි ජනතාව අමතක කළේ නැහැ. මේ වසර ස්ථාවර ආර්ථිකයක් බවට රට පත් කිරීමට ගොවි ජනතාව සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නා. ඉදිරියේ පොහොර සහනාධාරය රුපියල් 25000 දක්වා වැඩි කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.
ඒ නිසා ඊළඟ වසර පහ මේ රටට තීරණාත්මකයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩසටහන වන්නේ රටේ සමස්ත ජනතාවගේ ජීවන බර අඩු කිරීමයි. මේ වැඩසටහන ඉදිරියට යන තෙක් මේ රට නැවත වැටෙන්නේ නැහැ.
ජවිපෙ නැවතත් 88 – 89 යුගයක් ක්‍රියාත්මක කරමින් සිටිනවා.ගෙයින් ගෙට ගොස් ජනතාව බියගන්වමින් සිටිනවා. නමුත් ඒ කිසිදු බියගැන්වීමකට යටත් නොවී ජනතාව රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ඡන්දය භාවිතා කරන බව පැවසිය යුතුයි.
රාජ්‍ය ඇමැති ඩී. බී. හේරත් මහතා –
අපේ දේශපාලන භූමිකාවේ රාජ්‍ය නායකයන් තිදෙනෙක් බලයට පත් කරන්න සහාය ලබා දුන්නා. අද නැවත වරක් මේ රට බේරාගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වටා අප එකතු වී සිටිනවා.
එදා අන්තවාදී දේශපාලන කඳවුරු රට ගිනි තිබ්බා. එක් මන්ත්‍රීවරයෙක් ඝාතනය කළා. මැති ඇමැතිවරුන්ගේ නිවාස ගිනි තිබ්බා. එපමණක් නොව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස පවා ගිනි තිබ්බා.
එතුමා මේ රටේ අනාගතය භාරගෙන රටට නැවත වරක් හුස්ම ගැනීමට අවස්ථාව උදා කර දුන්නා. එදා මේ රටට සංචාරකයන් ආවේ නැහැ. අද ලෝකයේ හොඳම ගමනාන්ත පහ අතරට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.
ඒ වගේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රට නිවැරදි ස්ථානයකට ගෙනාවා. අප පක්ෂ පාට භේදයෙන් තොරව රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සියලුදෙනා එකට එකතු වෙමු.
රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා-
අද සජිත් ප්‍රේමදාස මහතා දේශපාලන වේදිකාවල බොරු පොරොන්දු දෙමින් සිටිනවා. නමුත් එතුමා අරගල භූමියේදී දුවපු දිවිල්ල මතක ද? එදා මේ රට ගිනිගන්න වෙලාවේ අගමැති ධූරය භාර ගන්න කොන්දේසි දැම්මා. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා කොන්දේසි විරහිතව රට ගොඩනැඟීමේ අභියෝගය භාර ගත්තා.
අද මෙරට සිටින්නේ කඳවුරු දෙකයි. එකක් පුළුවන් කියන කඳවුර. අනෙක් කඳවුර බෑ කියන කඳවුර. අද මේ වේදිකාව ඉදිරියේ සිටින්නේ පුළුවන් කියන කණ්ඩායමයි. මේ කඳවුරට ‘පුළුවන්’ කියලා ගතවූ අවුරුදු දෙකේ ජනාධිපති ක්‍රියාවෙන් ඔප්පු කර තිබෙනවා.
ජවිපෙ බොරු කියමින් අද ජනතාව මුළා කරනවා. උමාඔය හිලක් බව කියමින් එම ව්‍යාපෘතිය අවසන් කරන්න දුන්නේ නැහැ. අද ඔවුන්ට කියන්න දේවල් නැහැ.එදා අරගලේදී ඒ අන්තවාදී දේශපාලන ක්‍රියාකාරීන් 88 -89 අපට නැවත වරක් මතක් කර දුන්නා. ගෙවල් ගිනි තිබ්බා. අපේ මන්ත්‍රීවරයෙක් මහමඟ මරා දැමුවා. රට මහා විනාශයකට ගෙන ගියා.
අප රට ඉදිරියේ තිබෙන අනතුර හඳුනාගත යුතුයි.ඒ අනතුරින් රට බේරාගත යුතුයි. එම නිසා ලබන 21වැනිදා ගෑස් ටැංකිය ඉදිරියේ ඡන්දය භාවිතා කර මේ රට බේරා ගනිමු.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා –
එදා අරගලය වෙලාවේ ජනාධිපති ඉල්ලා අස්වුණා. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා ආත්මවිශ්වාසයකින් යුතුව මේ රට භාර ගත්තා. ඒ නිසා තමයි අප කණ්ඩායමක් විදියට පක්ෂ පැත්තකින් තබා එතුමාට සහාය දෙන්නේ.
අද වන විට බංග්ලාදේශ රජයට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවා ගන්න විදිහක් නෑ.රනිල් වික්‍රමසිංහ මහතා රට භාර නොගත්තා නම් අපේ රටත් ඒ තැනට තල්ලු වෙනවා. නමුත් එතුමා මේ රට සහ ජනතාව ආරක්ෂා කළා. පෝලිම් යුගයක සිටි ජනතාවට ඉන්ධන, ගෑස්, පොහොර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත්තා. ඒ නිසා අප සියලු දෙනා එළඹෙන 21 වැනිදා එතුමා වෙනුවෙන් කෘතගුණ සලකමු.
ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න, එජාප උප නායක අකිල විරාජ් කාරියවසම් මහත්වරුද මෙහිදී කතා කළහ.
මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුලා දිසානායක,හිටපු නියෝජ්‍ය ඇමැති සාරානාත් බස්නායක,හිටපු ඇමැති එස්.බී.නාවින්න, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරා පියසීලි රත්නායක, යාපහුව එජාප සංවිධායක අරුණ අඹහැර, කුරුණෑගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලක්ෂ්මන් වෙඬරුව මහත්ම මහත්මීන්, ප්‍රාදේශීය දේශපාලන නායකයන්, ආසන සංවිධායකවරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප- රංජිත් අසංක