Home » යාපනය මුහුදේදී මොරැල්ලකුගේ ප්‍රහාරයට ලක්ව ධීවරයෙක් මරුට

යාපනය මුහුදේදී මොරැල්ලකුගේ ප්‍රහාරයට ලක්ව ධීවරයෙක් මරුට

by gayan
September 7, 2024 1:00 am 0 comment

යාපනයේ තවත් ධීවරයකු විෂ මත්ස්‍යයකුගේ ප්‍රහාරයකට ලක්ව පෙරේදා (5) මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ යාපනය පුංගුඩුතීව් කේරතීව් ප්‍රදේශයේ පදිංචි එස්. රජීවන් නමැති 27 හැවිරිදි ධීවරයෙකි. ඔහු සුපුරුදු පරිදි තවත් දෙදෙනකු සමඟ මුහුදු ගොස් ඇති අතර, ස්වල්ප වෙලාවකදී ඔහු කෑ ගසන්නට පටන් ගෙන තිබේ.

ඒ අවස්ථාවේදී අනෙක් ධීවරයන් දෙදෙනා දැක ඇත්තේ විෂ සහිත මොරල්ලකු ධීවරයාට ප්‍රහාරයක් එල්ල කර මුහුදේ පීනා ගිය ආකාරයයි. මත්ස්‍යයාගේ ප්‍රහාරයට ගොදුරු වූ ධීවරයා වහා ගොඩබිම වෙත රැගෙනවිත් පුංගුඩුතීව් රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව වෛද්‍යවරු ප්‍රකාශ කර තිබේ.

ධීවරයාගේ මරණයට හේතුව විෂ සහිත මත්ස්‍යයකුගේ ප්‍රහාරයක් බවට වෛද්‍යවරු නිගමනය කර තිබේ. මේ වසරේ ගත වූ කාලය ඇතුළත යාපනයේදී විෂ සහිත මත්ස්‍යයන්ගේ ප්‍රහාරවලට ලක්ව මියගිය තුන්වන ධීවරයා මොහුයි. මුහුදේ ජෙලි ෆිෂ් නමැති මසුන් හැරුණු විට විෂ සහිත මොරල්ලන්ගේ ප්‍රහාරවලට ලක්වීමෙන් ද ධීවරයෝ මිය යති.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT