Home » හෝමාගම අධිකරණයේ වීදුරු දොරකට පයින් ගසා කඩා දැමූ පුද්ගලයකුට මාස හයක බරපතළ සිරදඬුවමක්

හෝමාගම අධිකරණයේ වීදුරු දොරකට පයින් ගසා කඩා දැමූ පුද්ගලයකුට මාස හයක බරපතළ සිරදඬුවමක්

by gayan
September 7, 2024 1:00 am 0 comment

අධිකරණය තුළදී නොසන්සුන් ලෙස හැසිරී වීදුරු සහිත දොරකට පයින් ගසා කඩා බිඳ දැමුවැයි හෝමාගම මහේස්ත්‍රාත් ජිනේන්ද්‍රා ජයසූරිය මහත්මිය පුද්ගලයකුට මාස හයක බරපතළ සිරදඬුවමක් නියම කරමින් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.

පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 35 හැවිරිදි පුද්ගලයකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

පසුගිය 6 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පෙරවරු 11.15ට පමණ නඩු කටයුතු සිදු වෙමින් පවතින අවස්ථාවේදී නඩුවක් සඳහා පැමිණි මේ පුද්ගලයා මහේස්ත්‍රාත් අධිකරණයේ වීදුරු සහිත දොරකට පයින් ගසා කඩා බිඳ දමමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී තිබේ. එහි සිටි ආරක්ෂක නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කෙළේය.

නඩු කටයුතු පැවැත්වෙන මොහොතේ එයට බාධා කිරීම සහ අධිකරණ භූමියේ රජය සතු දේපොළවලට හානි කිරීම යන චෝදනාවලට වැරදිකරු කරමින් බරපතළ වැඩ සහිත මාස හයක සිර දඬුවමක් මහේස්ත්‍රාත්වරිය නියම කළාය. ඔහු මානසික ආබාධයකින් පෙළේද යන්න පරීක්ෂා කිරීමට මානසික වෛද්‍යවරයකුට ඉදිරිපත් කර වාර්තාවක් රැගෙන එන ලෙසට බන්ධනාගාර නිලධාරින්ට නියෝගයක් ද ලබාදුනි. වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා හෝමාගම පොලිසියට නියෝග කළේය.

හංවැල්ල සමූහ – අජිත් හේවසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT