Home » යාගි සුළි කුණාටුවෙන් චීනයේ ලක්ෂ 4ක් අවතැන

යාගි සුළි කුණාටුවෙන් චීනයේ ලක්ෂ 4ක් අවතැන

by gayan
September 7, 2024 1:00 am 0 comment

චීනයේ හයිනෑං ප්‍රාන්තයට බලපා ඇති යාගි සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් ලක්ෂ 4කට වැඩි පිරිසක් නිවාසවලින් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇතැයි වාර්තා වේ. අධික ජනගහනයකින් යුතු එම ප්‍රාන්තයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ ජනතාව කඩිනමින් ඉවත් කිරීම ඉතා දුෂ්කර කාර්යයක් වූ බවය. පැයට කිලෝමීටර් 245ක වේගයෙන් හමනු ඇතැයි අනාවැකි පළ වී ඇති යාගි සුළි කුණාටුව ඊයේ පස්වරුවේ එම ප්‍රාන්තයට ඇතුළුවීමට නියමිතව තිබූ බව ද වාර්තා වේ.

ගෝලීය කාලගුණ විද්‍යාඥයන්ගේ පර්යේෂණවලට අනුව යාගි සුළි කුණාටුව මේ වසරේ ලොව දරුණුතම දෙවැනි සුළි කුණාටුව ලෙස වර්ගීකරණය කර ඇති අතර, ඊයේ පස්වරුව වන විට එම ප්‍රාන්තයෙන් පුද්ගලයන් හාරලක්ෂ විසිදහසකට ආසන්න පිරිසක් ඉවත් කළ බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT