Home » Huawei, 9වෙනි ‘Seeds for the Future’ වැඩසටහන පවත්වයි

Huawei, 9වෙනි ‘Seeds for the Future’ වැඩසටහන පවත්වයි

by gayan
September 7, 2024 1:00 am 0 comment

Huawei හි ප්‍රමුඛතම සුභසාධන වැඩසටහන වන Seeds for the Future, 9 වෙනි වරටත් ශ්‍රී ලංකාවේදී දියත් කෙරුණු අතර ඒ සඳහා වන සමාරම්භක උත්සවය කොළඹ Shangri-La හෝටලයේදී මෑතකදී පවත්වන ලදී. මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, විශ්වවිද්‍යාල පීඨාධිපතිවරුන්, අංශ ප්‍රධානීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ.

මෙවර වැඩසටහනට තේරී පත්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සය දෙනෙකුද සිය දෙමාපියන් සමඟ මෙම අවස්ථාවට එක්ව සිටියහ. Huawei Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී Zhang Jinze සිය පිළිගැනීමේ කතාවේදී අවධාරණය කළේ, වසර ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල සිසුන් 100කට අධික සංඛ්‍යාවක් ඔවුන්ගේ සිහින සැබෑ කරගැනීමට Seeds for the Future වැඩසටහනෙන් පන්නරයක් ලබා ඇති බවයි.

“මෙම වැඩසටහන ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට Huawei හි අති නවීන තාක්‍ෂණය සහ ඒවායේ භාවිතයන් පිළිබඳ අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව උදාකර දෙනවා පමණක් නොව චීන සම්ප්‍රදායන් සහ සංස්කෘතීන් දැකබලා ගැනීමටත් අවස්ථාව ලබා දෙනවා. මෙම කෙටිකාලීන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් පසු නැවත පැමිණෙන මේ සිසුන් ඔවුන් අලුතින් ලබාගත් දැනුම සහ අත්දැකීම් අන් අය සමඟ බෙදාහදා ගන්න නිසා ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කේන්ද්‍රස්ථානයක් දක්වා යන ගමනට මෙම ක්‍රියාදාමය දායකවනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා” ඔහු තවදුරටත් පැවසීය. අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත තේරීපත්වූ සිසුන්ට සුබපැතුම් එක්කළ අතර චීනයේ Huawei හි මූලස්ථානයට ගොස් තමන් ලබා ගත අත්දැකීම් බෙදාහදා ගැනීමද මෙහිදී සිදුවිය. සිසුන්ට හිමිවීමට නියමිත මෙම අගනා

අවස්ථාව පිළිබඳ ඔහු සිය අදහස් මෙසේ ප්‍රකාශ කළේය. “මට හිමිවූ අවස්ථාව මෙන් අවස්ථාවක් දැන් මේ ළමයින්ටත් හිමි වෙනවා. ඔවුන්ද චීනයට ගොස් Huawei සහ චීනය ICT මඟින් ලෝකය මෙහෙයවන ආකාරය සියැසින්ම දැක බලා ගැනීමට යනවා. ඔවුන් 5G, AI, Digital Power සහ Cloud තාක්ෂණයන් පිළිබඳ කෙටි පාඨමාලා සඳහා ද සහභාගී වනු ඇත. තාක්‍ෂණික නවෝත්පාදනයේ කේන්ද්‍රස්ථාන වන ෂෙන්සෙන්, ෂැංහයි සහ බීජිං නැරඹීමට ලැබීම මෙම තරුණ දක්ෂයින්ට ලැබෙන මහඟු අවස්ථාවක්.” අති නවීන තාක්ෂණයෙන් සහ ස්මාර්ට් නගර විසඳුම්වලින් සමන්විත Huawei හි නවීනතම පුස්තකාලය සහ ප්‍රදර්ශන ශාලාව නැරඹීමට ගිය අවස්ථාව පිළිබඳවද ආචාර්ය ප්‍රේමජයන්ත මෙලෙස සඳහන් කළේය. “පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සඳහා Huawei කරන කැපවීම ඔවුන් සිය ලාභයෙන් 40%ක් නවෝත්පාදනය සඳහා ආයෝජන කිරීම තුළින්මනාව පෙන්නුම් කෙරෙනවා. එය අපගේ තරුණ දක්ෂයින් ඉගෙන ගත යුතු දෙයක්. මෙවැනි මුල පිරීම් ශ්‍රී ලංකාව සහ Huawei අතර සහයෝගීතාව වැඩිදියුණු කරන බවට මට විශ්වාසයි. ඉදිරි වසරවලදී Huawei සමඟ තවත් බොහෝ සහයෝගිතාවයන් ඇතිවීමට නියමිත අතර ඒවා තුළින් අනාගත අවස්ථා සඳහා මංපෙත් විවර කෙරෙනු ඇත.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT