Monday, April 21, 2025
Home » තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍ය පිටුවක පළ කළ වවුනියාවේ දේශපාලනඥයාට වැඩ වරදී

තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍ය පිටුවක පළ කළ වවුනියාවේ දේශපාලනඥයාට වැඩ වරදී

by gayan
September 7, 2024 1:00 am 0 comment

අන් අයකු සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් ගෙන එය සිය සමාජ මාධ්‍ය පිටුවක පළ කළ වවුනියාවේ ප්‍රාදේශීය දේශපාලනඥයකුට එරෙහිව වව්නියාව සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පෙරේදා (05) පැමිණිල්ලක් ලැබී තිබේ.

එම පුද්ගලයා ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයකු වන අතර ඔහු වවුනියාවේ රාජ්‍ය සේවකයන් තැපැල් ඡන්ද සලකුණු කරන මධ්‍යස්ථානයකට ගොස් සිටියදී මෙම ක්‍රියාව සිදු කොට තිබේ. ඔහු එම නිල තැපැල් ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ගෙන ඇති තැපැල් ඡන්ද මධ්‍යස්ථානය කුමක් දැයි මෙතෙක් හෙළි වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමෙන් පසුව එය කුමක්දැයි ප්‍රකාශ කළ හැකි බව වවුනියාව සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

ඔහු සමාජ මාධ්‍ය වෙත යොමු කොට ඇත්තේ දෙමළ පොදු අපේක්ෂකයා වෙනුවෙන් සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයකි.

මේ මේ සම්බන්ධයෙන් වවුනියාව මැතිවරණ කාර්යලය වෙත හා මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා පැමිණ සිටින යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයන් වෙත ද පැමිණිලි කොට තිබේ.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT