Home » වනිඳු සීපීඑල් යයි

වනිඳු සීපීඑල් යයි

by mahesh
September 6, 2024 1:00 am 0 comment

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්ව තිබේ.

සාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පෙට්‍රියට්ස් කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදු කර ඇති අතර, ඒ අනුව ලද කැඳවීමක් මත වනිඳු මේ තරගාවලියට එක් වෙයි.

සිම්බාබ්වේ ක්‍රීඩක සිකන්දර් රාසා ආබාධයකට ලක්ව ඇති අතර, ඔහු වෙනුවට ආදේශක ක්‍රීඩකයා ලෙස වනිඳු සාන්ත කිට්ස් පිලට එක්වේ.

මින් පෙර වනිඳු එම කණ්ඩායමට තෝරා ගෙන තිබුණත් ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන් මේ තරගාවලියෙන් ඉවත් කළ අතර, ඔහු වෙනුවට ටබ්‍රයිස් ශම්සි කණ්ඩායමට එක් කර තිබිණි. මේ අතර දකුණු අප්‍රිකානු ක්‍රීඩක ට්‍රිස්ටන් ස්ටබ්ස් වෙනුවට නවසීලන්ත ක්‍රීඩක ජෝෂ් ක්ලාක්සන් ද සාන්ත කිට්ස් කණ්ඩායමට එක්ව තිබේ. මේ වන විට තරග 4ක් ක්‍රීඩා කර ඇති සාන්ත කිට්ස් පිල ජය ගෙන ඇත්තේ එක් තරගයක් පමණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT