Home » වෙල්ලාලගේ-හර්ෂිතා අයිසීසී දක්ෂයන්ගේ නිර්දේශ අතරේ

වෙල්ලාලගේ-හර්ෂිතා අයිසීසී දක්ෂයන්ගේ නිර්දේශ අතරේ

by mahesh
September 6, 2024 1:00 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වෙල්ලාලගේ හා පිතිකාරිනී හර්ෂිතා සමරවික්‍රම පසුගිය අගෝස්තු මාසයේ අයිසීසී ක්‍රිකට් ක්‍රීඩක නාමලේඛනයට නිර්දේශ වෙයි.

වෙල්ලාලගේ සමඟ අයිසීසී පිරිමි සම්මානය සඳහා දකුණු අප්‍රිකා දඟ පන්දු යවන ක්‍රීඩක කේෂව් මහරාජ්, බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු යවන ක්‍රීඩක ජේඩන් සීල්ස් තරග බිමේ සිටිති. හර්ෂිතා සමඟ තරගයට අයර්ලන්තයේ ඕර්ලා ප්‍රෙන්ඩර්ගාස්ට් සහ ගේබි ලුවිස් කෙටි ලැයිස්තුවට ඇතුළත්ව ඇත.

වමතින් දඟ පන්දු යවන දුනිත් වෙල්ලාලගේ ඉන්දියාවට එරෙහිව නොදැවී ලකුණු 67ක්, 39ක් සහ 2ක් ලබාගනිමින් තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමේදී තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේය. ඔහු තෙවැනි තරගයේදී ලකුණු 27කට කඩුලු 5ක් ඇතුළුව එම තරගාවලියේදී කඩුලු 7ක් දවාලීමට සමත් විය.

කේෂව් මහාරාජ් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවති අයිසීසී ලෝක ටෙස්ට් ශූරතා තරග 2කදී කඩුලු 13ක් දවා ගනිමින් තරගාවලියේ වීරයා විය. ජේඩන් සීල්ස් දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලියේ දී කඩුලු 12ක් ලබා අයිසීසී ටෙස්ට් පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල 13 වැනි ස්ථානයට පැමිණියේය.

හර්ෂිත සමරවික්‍රම ආසියානු කුසලාන තරගාවලියේ හා අයර්ලන්ත සංචාරයේදී දක්ෂතා දැක්වූවාය. ඩබ්ලින්හි පැවති විස්සයි20 තරග දෙකේදී ශතකයක් සමඟ ලකුණු 151ක් රැස් කිරීමට ඇය සමත් වූවාය.

22 හැවිරිදි ඕර්ලා ප්‍රෙන්ඩර්ගාස්ට් ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරගයේදී පන්දු 107කදී නොදැවී ලකුණු 122ක් රැස්කරමින් හා ලකුණු 25කට කඩුලු 3ක් ද උඩපන්දු දෙකක් ද ලබා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව වූවාය. ගේබි ලුවිස් විස්සයි20 තරග දෙකකදී ලකුණු 158ක් රැස් කළේ 146.29 ප්‍රහාරක වේගයකිනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT