Sunday, April 20, 2025
Home » කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණාත්මක සොයා ගැනීම් සිදුකරන්න වැඩමුළුවක්

කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණාත්මක සොයා ගැනීම් සිදුකරන්න වැඩමුළුවක්

by mahesh
September 6, 2024 1:00 am 0 comment

ජයසිරි මුණසිංහ

ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට කෘත්‍රිම බුද්ධිය (AI)යොදාගෙන නව නිර්මාණාත්මක සොයා ගැනීම් සිදුකිරීමට සහ ව්‍යසායකත්ව හැකියාවන් වැඩිදියුණු කිරීමට ඉගැන්වෙන සාර්ථක තෙදින වැඩමුළුවක් කොළඹදී පැවැත්විණ. සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ, National University of Singapore (NUS)මහාචාර්ය සුරංග නානායක්කාර මහතාගේ සංකල්පයට අනුව මෙහෙයවන ලද මෙම වැඩමුළුව ඉකුත්දා කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.

නවෝත්පාදන, නිර්මාණශීලීත්වය ව්‍යවසායකත්වය Innovation,Creativty and Entrepreneurship,(ICE)2024 වැඩසටහනේ හයවන වාර්ෂික වැඩමුළුව මෙලෙස සාර්ථකව පැවැත් විය.

කෘත්‍රිම බුද්ධිය (AI)හරහා නවෝත්පාදනයන් ගෙන ඒමේ ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ අප්‍රමාණ හැකියාවන් සහ විභවය මින් ප්‍රදර්ශනය කළ බව සංවිධායක මණ්ඩලය කියයි.

කෘත්‍රිම බුද්ධිය( AI)සහ පරිගණක විශේෂඥයන්ගේ සහ සාර්ථක ව්‍යවසායකයින්ගේ මගපෙන්වීම යටතේ ගැටලු හඳුනාගැනීමට සහ නිර්මාණශීලී, AI බලගැන්වූ විසඳුම් නිර්මාණය කිරීමට මෙම වැඩසටහනට සහභාගිවන්නන්ට අද්විතීය වේදිකාවක් සැපයීය.

අ‍ෙමරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඩ් වැනි විශ්වවිද්‍යාලයක සමාන අත්දැකීමක් සඳහා අ‍ෙමරිකානු ඩොලර් (USD)14,000ක් පමණ වැය වන බව ප්‍රකාශ කරමින් මහාචාර්ය නානායක්කාර මහතා වැඩසටහනේ සුවිශේෂී වටිනාකම මෙහිදී ඉස්මතු කළේය .

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT