Home » ගොවියාගේ අස්වැන්න විකුණගන්න හොඳ පරිසරයක් හදන්න ඕනෑ

ගොවියාගේ අස්වැන්න විකුණගන්න හොඳ පරිසරයක් හදන්න ඕනෑ

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ප්‍රශ්නය විසඳන්න අපි කටයුතු කරනවා

by mahesh
September 6, 2024 1:00 am 0 comment

බුලත්කොහුපිටිය සමූහ - ඩබ්ලිව්. රෝහණ

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආණ්ඩුවක් තුළින් වෘත්තීය සමිති ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට පියවර නොගන්නා බවත් රටට හිතකර වෘත්තිය සමිති ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ පසුගියදා (4) වරකාපොළ නගරයේ පැවති ජන හමුවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

“අපි පක්ෂයක් විදියට බොහෝ ජයග්‍රහණ ලබලා තියෙනවා. ඒවගේම තමයි අපි රටට වැඩකරලා තියෙනවා. මැතිවරණ ව්‍යාපාරය කරන්න බොහෝ වෙලාවට අපි උත්සහ කරන්නේ ගමින් ගමට යමින්. එක පැත්තකින් රටේ ආර්ථිකය ගොඩනගන්න තියෙන වැඩපිළිවෙළින් අපේ රටේ තියෙන සම්පත් වගේම දේශීය ආර්ථිකය මෙන්ම ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනෑ.

දේශීය ගොවියා ව්‍යාපාරිකයා ශක්තිමත් කරන්න ආණ්ඩුව තුළ අවශ්‍ය වැඩපිළිවෙළ ශක්තිමත් කරන්න ඕනෑ. අසීමිත බදු බර වෙනුවට ජනතාවට දරන්න පුළුවන් බදු ප්‍රතිපත්තියක් දිගුකාලීනව පරිවර්තනය කරන්න ඕනෑ. ඒ වගේම නැවත වතාවක් ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කරන්න ඕනෑ. කෑගල්ල දිස්ත්‍රික්කය කියන්නේ සංචාරක ව්‍යාපාරය අතින් විශාල ප්‍රවණතාවක් තිබෙන තැනක්. එම ප්‍රවණතාව තවත් වර්ධනය කරන ගමන් අනාගත පරපුරට අවශ්‍ය ආයෝජනය ගම්වලට ගේන්න ඕනෑ. රටේ උත්පාදනයට අනුපාතිකව රාජ්‍ය සේවයේ වැටුප් වැඩි වෙන්න ඕනෑ.

රටේ උත්පාදනයට සමගාමීව රාජ්‍ය සේවක වැටුප් අපි වැඩි කරනවා. රාජ්‍ය සේවක උසස්වීම් මාරු කිරීම් දේශපාලන මැදිහත්වීමකින් තොරව කරනවා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පිළිබඳව තියෙන ගැටලු විසඳන්න අවශ්‍ය තීන්දු තීරණ අපේ රජයත් තුළින් අපි ගන්නවා. අපි පැහැදිලිවම මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් වෘත්තීය සමිති යහපත් වෘත්තීය සමිති ක්‍රියාත්මක කරනවා. කඩාකප්පල්කාරී වෘත්තිය සමිති ශක්තිමත් කිරීමට අපි බලාපොරොත්තු වෙන්නේ නෑ. හැබැයි වෘත්තිය සමිති ව්‍යාපාරයක් විදිහට රටේ ආර්ථිකයට දායකත්වය ලබා දෙන ඒවා ශක්තිමත් කරනවා. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් අපේ පක්ෂය තුළ තියෙනවා.

මෙම අවස්ථාවට ඉත්තෑකන්දේ සද්ධානන්ද හිමි, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආසන සංවිධායකවරු ද සහභාගි වී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT