Home » මේ පාර සජිත්ව ජනාධිපති කරන්නේ අපියි

මේ පාර සජිත්ව ජනාධිපති කරන්නේ අපියි

21 වැනිදාට ගහන කතිරයෙන් අපේ අනාගතය තීරණය වෙනවා

by mahesh
September 6, 2024 1:00 am 0 comment

මුල්ලේරියාව - සිරිසේන ගමගේ කොළොන්නාව - ඒ. සුමනසේන

“සැප්තැම්බර් 21 වැනිදාට මෙදා ආණ්ඩු පෙරළිය කරලා සජිත්ව ජනාධිපති කරන්නේ කාන්තාවන් විසිනුයි. අපි කාන්තා හිංසනය නැති කරනවා. කාන්තාවන්ට මුදල් හම්බ කරන්න ගණිකා වෘත්තියේ යෙදෙන්න අපේ ආණ්ඩුවකින් ඉඩ තියන්නේ නැහැ” යනුවෙන් මාතලේ

දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න මහත්මිය පැවසුවාය. ඒ මහත්මිය මෙම අදහස් දැක්වූයේ කොළොන්නාවේ පැවති සමගි ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි.

එහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය

“21 වැනිදාට ගහන කතිරය නිකම්ම නිකම් කතිරයක් නෙවෙයි. ඒ කතිරයෙන් තමයි අපේ ජීවිතය, අනාගතය තීරණය වෙන්නේ. 2019 දී ගහපු කතිරයේ ප්‍රතිඵලයක් තමයි මේ රටේ දරුවන්ගෙන් 25% කටත් වඩා මන්දපෝෂණයෙන් පෙළෙන එක. ඒ බව පාර්ලිමේන්තු කමිටුවකින් එළි වුණත් මේ වනතුරුත් වාර්තාව එළියට ආවේ නැහැ. මින් ඉදිරියට දින 87 ප්‍රසූත නිවාඩුව රජයේ සේවකයන්ට පමණක් නෙවෙයි පෞද්ගලික අංශයේ අයටත් ලබා දෙන්න අපේ රජයකින් පියවර ගන්නවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT