Home » පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවය උත්කර්ෂවත්ව පැවැත්වෙයි

පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවය උත්කර්ෂවත්ව පැවැත්වෙයි

by yasara
September 6, 2024 11:39 am 0 comment

පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයේ 2023 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගිය (04) වැනිදා මහරගම යොවුන් නිකේතනයේ දී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.

එහිදී අධ්‍යන විශිෂ්ඨතා මෙන්ම ක්‍රීඩා, භාෂා කුසලතා, නැටුම් ගැයුම් ආදි විවිධ අංශවලින් විශිෂ්ඨතා දැක්වු ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇගයීමට ලක් කෙරුණි.

පාසලේ විශිෂ්ථතම පාසල් ශිෂ්‍යාට හිමි සම්මාන ද එහිදී පිරිනැමුණි.

කොළඹ සහයක රදගුරු තැන්පත් අතිඋතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන්, කතෝලික පාසල් සාමන්‍ය අධිකාරි ගැමුණු ඩයස් පියතුමණ්, විදුහල්පති මව්තුමිය ගරු මාධවී ඉලංගසිංහ පැවිදි සොයුරියගේ සහ කතෝලික පියතුමන්ලා සහ පැවිදි සොයුරියන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT