Monday, April 21, 2025
Home » ” වීර චූඩාමණී” ගාමිණී ජයසේකර ස්වයං චරිතාපදානය හෙට එළි දකියි

” වීර චූඩාමණී” ගාමිණී ජයසේකර ස්වයං චරිතාපදානය හෙට එළි දකියි

by chanaka
September 6, 2024 11:02 am 0 comment

මාතර 45වන මහ දිසාපතිවරයා වශයෙන් කටයුතු කල දිවංගත ගාමිණී ජයසේකර මහතාගේ චරිතාපදානය ඇතුලත් “වීර චූඩාමණී” ග්‍රන්ථය එළි දැක්වීම හෙට(07) සවස 2.30 ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ “ගාමිණී ජයසේකර”ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

ගාමිණී ජයසේකර යනු මාතර හිටපු 45වන මහ දිසාපති/දිස්ත්‍රික් ලේකම්වරයා ඔහු වන අතර වසර 34ක රාජ්‍ය සේවා අත්දැකීම් ඇති කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකි.

ජයසේකර මහතාගේ සේවා කාලය තුළ සුනාමි ව්‍යසනයට හසුව ඉන් ජීවිතය බේරා ගෙන,දරුණු ලෙස තුවාල ලබා සිටියදී, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විනාශව තිබියදී, මාතර බෝධිය අසල මේසයක් සහ පුටුදෙකකින් තම කාර්‍යාලය අරඹා මාතර යළි නගා සිටුවීමට කටයුතු කිරීම විශේෂත්වයකි.

ඒ අනුව දිවිපරදුවට තබා ක්‍රියාකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ජනරජය පිරිනමන “වීර චූඩාමණී”සම්මානයෙන් ජයසේකර මහතා පිදුම් ලැබීය. දැනට එම සම්මානයෙන් පිදුම් ලද එකම පරිපාලන නිළධාරියා සහ එම සම්මානයෙන් පුද ලද දෙවන ශ්‍රී ලාංකිකයා ඔහුය.

“වීර චූඩාමණී” කෘතිය, ගාමිණී ජයසේකර මහතා විසින් ඔහු ජීවතුන් අතරින් වෙන් වීමට පෙර රචනා කර තිබූ අතර, පසුව ඔහුගේ පුතු වන අමිල ජයසේකර මහතා විසින් සංස්කරණය කර එළි දක්වනු ලැබේ.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT