Home » වැඩිහිටියෝ අනාගතය ගැන හිතලා 21 වැනිදා තීරණයක් ගන්න ඕන

වැඩිහිටියෝ අනාගතය ගැන හිතලා 21 වැනිදා තීරණයක් ගන්න ඕන

ඉස්සර කළා වගේ පක්ෂ නායකයාගේ මූණ මතක් කරගෙන ඡන්දෙ දාන්න එපා

by mahesh
September 6, 2024 1:00 am 0 comment

වැලිගම - අබේවික්‍රම ගුණරත්න

සීයට අසූවක් ජනතාව දුප්පත්. තුන්වේල කන්න නෑ. දරුවන්ට කන්න දෙන්න මව්පියෝ බඩගින්නේ ඉන්නවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති ධුර අපේක්ෂක ෆිල්ඩී මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පැවසූයේ වැලිගම නගරයේ සංවිධානය කර තිබූ ජන හමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා.

වසර පහෙන් පහට අතීතයේ මෙවැනි තීරණ ගත්තත් ඒ තීරණ කවදාවත් රටට හිතකර වුණේ නෑ. ඒ තීරණ නිවැරදි තීරණ වුණේ නෑ. වසර හැත්තෑ පහක් පුරාවට රට ක්‍රමානුකූලව කඩා වැටුණා. ක්‍රමානුකූලව පිටුපසට ගියා. ලෝකයේ අනෙකුත් රටවල්වලට සමාන්තරව අපි ඉදිරියට ගියේ නෑ. ඒ නිසා සැප්තැම්බර් 21 බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන. වැඩිහිටියෝ හැටියට අනාගතය ගැන හිතලා තරුණ පරම්පරාව ගැන හිතලා දරුවෝ ගැන හිතලා සැප්තැම්බර් 21 තීරණයක් ගන්න ඕන. අතීතයේ කළා වගේ ඡන්ද පොළට යන විට පෝස්ටරය, පක්ෂය මතක් කරගෙන පක්ෂ නායකයාගේ මූණ මතක් කරගෙන ඡන්දෙ දාන්න යන්න එපා.

ජනතාවගේ ජීවිත අන්ත අසරණ වෙලා තියෙන්නේ. කලකිරීමෙන් ඉන්නේ. සාංකාවෙන් ඉන්නේ. කම්පාවෙන් ඉන්නේ. අසරණ වෙලා සීයට අසූවක් ජනතාව දුප්පත් තුන්වේල කන්න නෑ. දරුවන්ට කන්න දෙන්න මව්පියෝ බඩගින්නේ ඉන්නේ. දරුවට ඇඳුම් පැලඳුම් අරන් දෙන්න පොත්පත් ටික අරන් දෙන්න අම්මා තාත්තා නොකා ඉන්නවා.

මගේ ආසනය කැලණිය සීයට පනහක් පැල්පත්වාසීන් ඉන්නේ. ඒ පැල්පත්වල එක විදුලි බුබුළයි තියෙන්නේ. බිල ගෙවා ගන්න බැරුව අඬාගෙන අපි ළඟට එනවා. එච්චරට අසරණ වෙලා ඉන්නේ. හිතෙන හිතෙන වෙලාවට ඇවිත් එක එක්කෙනාට ඕන විදිහට ආධාර දෙන්න , පඩි වැඩි කරන්න එහෙම සල්ලි නෑ. මේ රටේ දුප්පත්කමින් ජනතාව මුදා ගන්න එකම ක්‍රමය තමයි රටේ ආර්ථිකය උස්සන්න ඕන. වෙනත් විකල්පයක් නැහැ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT