Home » මේකප් දැමීමට ආ ගුරුවරියගේ රන් බඩුවලට විදලා

මේකප් දැමීමට ආ ගුරුවරියගේ රන් බඩුවලට විදලා

by mahesh
September 6, 2024 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වීම සඳහා රූපලාවණ්‍ය කටයුතු කර ගැනීමට පැමිණි ගුරුවරියකගේ අත්බෑගයක තිබුණු රුපියල් ලක්ෂ 04ක රන් භාණ්ඩ සොරා ගැනීමක් සම්බන්ධයෙන් රූපලාවණ්‍ය ශිල්පිනියක සහ ඇගේ සහෝදරයා, පදවිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සොරකම පෙරේදා (04) උදෑසන සිදුව ඇත්තේ පදවිය 18 කණුව ප්‍රදේශයේ පිහිටි නිවෙසකදීය.

අත්අඩංගුවට ගත් රූපලාවණ්‍ය ශිල්පිනිය සහ ඇගේ සහෝදරයා කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රූපලාවණ්‍ය ශිල්පිනිය ඇප මත මුදා හරිමින් ඇගේ සහෝදරයා රක්ෂිත බන්ධනාගාරගත කළ බව පදවිය පොලිසිය සඳහන් කළේය. ගුරුවරිය රූපලාවණ්‍ය කටයුතු කර ගැනීමට රූපලාවණ්‍ය ශිල්පිනියගේ නිවෙසට ගොස් පැය දෙකකට පමණ පසු නිවෙසින් පිටව යෑමට සූදානම් වූ අවස්ථාවේදී අත්බෑගයේ තිබුණු පවුම් දෙකකට ආසන්න බරැති රන් මාලයත් කරාබු ජෝඩුවත් සොරාගෙන ඇති බව අනාවරණය වී තිබෙන බවත් පොලිසිය කියයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT