වියට්නාම් නිදහස් අරගලය හා ශ්රී ලංකාව අතර ඉතා ගැඹුරු සබඳතාවක් ඇති බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා පැවැසීය. වියට්නාම් ජනරජයේ 79 වැනි ජාතික දිනය සැමරීම වෙනුවෙන් කොළඹ සිනමන් ලේක් හෝටලයේ දී පසුගියදා (02) පැවැති උත්සවයේදි ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
වියට්නාම් ජනරජයේ 79 වැනි ජාතික දිනයට ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදි ජනරජය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ සුබ පැතුම් එක් කිරීමද ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා මෙහිදී සිදු කළේය. එහිදී ඇමැතිවරයා මේ අදහස්ද පළ කළේය.
වියට්නාමයේ 79 වැනි ජාතික දිනය සැමරීමට අප එක්ව සිටින මේ මොහොතේ ශ්රී ලංකා රජය නියෝජනය කරමින් ලංකාවාසි ජනතාවගේ හා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්රමුඛ ශ්රී ලංකා රජයේත් උණුසුම් සුබ පැතුම් වියට්නාම් ජනරජයට පුද කිරීමට ලැබීම ඉමහත් ගෞරවයක්.
වියට්නාම හා ලාංකිකයන් දෙකොටසම යටත්විජිත අභියෝග ජයගෙන තම ඉරණම් සටහන් කිරීමට අධිෂ්ඨානශීලීව නැඟී සිටි පිරිසක්. වියට්නාමයේ නිදහස සඳහා වු අරගලයේදී ශ්රී ලංකාව දැක්වු සහාය මෙන්ම දකුණු වියට්නාමයේ පළාත් විප්ලවවාදි රජය අප විසින් පිළිගැනීම අපගේ දීර්ඝ කාලීන සබඳතාවයේ ආරම්භය සනිටුහන් කිරීමක්යැයිද දේවානන්දා මහතා මෙහිදී ප්රකාශ කළේය.