Home » වියට්නාම නිදහස් අරගලය හා ශ්‍රී ලංකාව අතර තිබෙන්නේ ඉතා ගැඹුරු සබඳතාවක්

වියට්නාම නිදහස් අරගලය හා ශ්‍රී ලංකාව අතර තිබෙන්නේ ඉතා ගැඹුරු සබඳතාවක්

වියට්නාම ජනරජයේ 79 වැනි ජාතික දිනය සැමරුමේදී ඇමැති ඩග්ලස් කියයි

by mahesh
September 6, 2024 1:00 am 0 comment

බුද්ධිකා ඉඹුලාන

වියට්නාම් නිදහස් අරගලය හා ශ්‍රී ලංකාව අතර ඉතා ගැඹුරු සබඳතාවක් ඇති බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා පැවැසීය. වියට්නාම් ජනරජයේ 79 වැනි ජාතික දිනය සැමරීම වෙනුවෙන් කොළඹ සිනමන් ලේක් හෝටලයේ දී පසුගියදා (02) පැවැති උත්සවයේදි ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

වියට්නාම් ජනරජයේ 79 වැනි ජාතික දිනයට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුබ පැතුම් එක් කිරීමද ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා මෙහිදී සිදු කළේය. එහිදී ඇමැතිවරයා මේ අදහස්ද පළ කළේය.

වියට්නාමයේ 79 වැනි ජාතික දිනය සැමරීමට අප එක්ව සිටින මේ මොහොතේ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ලංකාවාසි ජනතාවගේ හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජයේත් උණුසුම් සුබ පැතුම් වියට්නාම් ජනරජයට පුද කිරීමට ලැබීම ඉමහත් ගෞරවයක්.

වියට්නාම හා ලාංකිකයන් දෙකොටසම යටත්විජිත අභියෝග ජයගෙන තම ඉරණම් සටහන් කිරීමට අධිෂ්ඨානශීලීව නැඟී සිටි පිරිසක්. වියට්නාමයේ නිදහස සඳහා වු අරගලයේදී ශ්‍රී ලංකාව දැක්වු සහාය මෙන්ම දකුණු වියට්නාමයේ පළාත් විප්ලවවාදි රජය අප විසින් පිළිගැනීම අපගේ දීර්ඝ කාලීන සබඳතාවයේ ආරම්භය සනිටුහන් කිරීමක්යැයිද දේවානන්දා මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT