ශ්රී ලංකා නාවික හමුදාව පෙරේදා (04) යාපනය, කෝවිලන් ප්රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්රදේශයේ කළ විශේෂ මෙහෙයුමකින් මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතුවල නියැළී සිටි ඉන්දීය ධීවර යාත්රාවක් සමඟ ඉන්දීය ධීවරයන් සිව් දෙනෙක් (04) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබේ.
ඒ අනුව මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු කළ ඉන්දීය ධීවර යාත්රා රැසක් උතුරු නාවික විධානය මඟින් නිරීක්ෂණය කර එම ධීවර යාත්රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් විධානයේ වේග ප්රහාරක යාත්රා යොදවා සිදු කර තිබේ. එහිදී යාපනය, කෝවිලන් ප්රදීපාගාරයට ඔබ්බෙන් වූ අනවසර ධීවර කටයුතු කළ ඉන්දීය ධීවර යාත්රාවක් සමඟ ඉන්දීය ධීවරයන් සිව් දෙනෙකු (04) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.
මේ මෙහෙයුමෙන් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්රාව සහ එහි සිටි ඉන්දීය ධීවරයන් සිව් දෙනා කන්කසන්තුරය වරාය වෙත රැගෙනවිත් ඇති අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි, ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිත බව නාවික හමුදාව පවසයි.
ඡායාරූප – 12345 / 12346
තවද මෙම මෙහෙයුමත් සමඟ 2024 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්රා හතළිස් හතක් (47) සහ ඉන්දීය ධීවරයින් තුන්සිය හතළිස් පස් දෙනෙකු (345) නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇත.