Home » රට ගොඩගැනීමට නිවැරදි දැක්මක් ඇති පිරිස අප සතුයි

රට ගොඩගැනීමට නිවැරදි දැක්මක් ඇති පිරිස අප සතුයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාකාර්

by mahesh
September 6, 2024 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

රට ගොඩගැනීමට නිවැරදි දැක්මක්,වැඩපිළිවෙළක්, කණ්ඩායමක් තිබිය යුතු බවත් ඒ නිවැරදි දැක්ම, වැඩපිළිවෙළ සහ කණ්ඩායම සමගි ජන සන්ධානය සතුව තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාකර් මහතා පැවැසීය.

පෙරේදා (04) සමගි ජන සන්ධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාකර් මහතා මේ බව සඳහන් කළේය.

ආණ්ඩුවේ වැරදි තොරතුරුවලට නොරැවටී පොඩි මිනිස්සු රජ කරවන යුගයක් බිහිකරන්න ජනතාව මෙවර මැතිවරණයේදී කටයුතු කළ යුතුයි. සියලු දෙනාගේ විශ්වාසය අද සජිත් ප්‍රේමදාස මහතා කෙරෙහි ඇති වී තිබෙනවා. ඒ විශ්වාසය රටේ ජනාධිපතිවරයාට නැති බවත් ඉමිතියාස් බාකිර් මාකර් මහතා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය.

‘මැතිවරණ කාලසීමාවේ මාධ්‍යයට වැඩි වශයෙන් බලපෑම් එල්ල වෙනවා. දුස් තොරතුරු සමාජයේ පැළ කිරීම් මේ දිනවල සිදු වෙනවා. මේ කඩතුරා වසා දමා සත්‍ය තේරුම් ගැනීම ජනතාවගේ යුතුකමක්.

අද රනිල් වික්‍රමසිංහගේ කණ්ඩායම සහ සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායමත් එකතු වෙන බවට පුවත් පළ‍ වෙනවා. අපි දුෂ්කර අරගලයක් වසර ගණනාවක් තිස්සේ කළා. එම අරගල‍යේ ප්‍රතිඵලයක් විදහට තමයි සමගි ජන බලවේගය නිර්මාණය වෙන්නේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT