Home » බුදු සසුනට මහ මෙහෙයක් කළ කිරින්දේ චන්දසුමන නාහිමිගේ ආදාහන පූජෝත්සවය හෙට

බුදු සසුනට මහ මෙහෙයක් කළ කිරින්දේ චන්දසුමන නාහිමිගේ ආදාහන පූජෝත්සවය හෙට

by mahesh
September 6, 2024 1:00 am 0 comment

බෞද්ධ ශාසනයට මහ මෙහෙවරක් කළ අම්බලන්ගොඩ,දෙල්දූව විවේකාරාම ආරණ්‍ය සේනාසනාධිපති හා කිරින්ද, බටුවිට ඉපැරණි ආරාණ්‍ය සේනාසනවල අනුශාසක ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යය කිරින්දේ චන්දසුමන නාහිමිපාණන් වහන්සේ (81) අපවත් වූහ.

උන්වහන්සේ කිරින්ද ආඩියාවත්ත ජන්ම ලාභය ලැබූ දොස්තර ගෙදර පරපුරෙන් බිහි වු පැවිදි උගත් සිල්වත් හිමි නමකි.උන්වහන්සේගේ මව දොස්තර ගෙදර පරපුරේ නූපේහේවාගේ පොඩිනෝනා මාතාවයි.පියා කඹුරුගමුවේ අතුරලිය පරපුරේ අයෙකි.පුහුල්වැල්ල පිරිමි විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ පසුව පැවිදි දිවියට ඇතුළත් වූහ.

රට දැය සමය වෙනුවෙන් විශාල ශාසනික සේවා රැසක් සිදුකළ දෙස් විදෙස් බෞද්ධ භික්ෂූන් වහන්සේ ඇතුළු ගිහි පින්වතුන්ට ධර්ම ඥානය ලබාදුන් මහෝපාධ්‍ය කිරින්දේ චන්දසුමන නාහිමිපාණන් වහන්සේ සිල්වත් හිමි නමකි.

උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය හෙට (07)සෙනසුරාදා ප.ව.3.00ට අම්බලන්ගොඩ,පොල්වත්ත පියසේන ළමා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.ආදාහන පෙරහර ප.ව.1.30ට අම්බලන්ගොඩ,දෙල්දූව ආරණ්‍ය සේනාසනයෙන් වැඩමවීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT