Home » පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නව නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය රංජිත් පල්ලේගම

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නව නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය රංජිත් පල්ලේගම

by mahesh
September 6, 2024 1:00 am 0 comment

අසේල කුරුළුවංශ

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති ධුරයට මහචාර්ය රංජිත් පල්ලේගම මහතා පත්කර තිබේ. දන්ත වෛද්‍ය පීඨයේ මහාචාර්යවරයකු වන ඒ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩල සංවර්ධන මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂවරයකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර තත්ත්ව ආරක්ෂක මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කර කරන මහාචාර්ය රංජිත් පල්ලේගම මහතා 1997 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ දන්ත වෛද්‍ය උපාධිය සම්පූර්ණ කර තිබේ.

අනතුරුව සහාය කථිකාචාර්යවරයකු වශයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්න වෛද්‍ය පීඨයේ සේවයට එක්ව තිබෙන මහාචාර්ය රංජිත් පල්ලේගම මහතා ආචාර්ය උපාධිය සම්පූර්ණ කර ඇත්තේ ටෝකියෝ වෛද්‍ය සහ දන්ත වෛද්‍ය විශ්වවිද්‍යාලයෙනි.

නව නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය රංජිත් පල්ලේගම මහතා පෙරේදා (04) පෙරවරුවේ නියෝජ්‍ය උපකුලපති ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ ආරම්භ කළ අතර එම අවස්ථාවට උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා ඇතුළු විශ්වවිද්‍යාල ආචාර්ය හා මහාචාර්යවරු පිරිසක් සහභාගි වූහ.

මහාචාර්ය රංජිත් පල්ලේගම මහතා නියෝජ්‍ය උපකුලපති ධුරයේ රාජකාරි ආරම්භ කළ අවස්ථාවේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා නියෝජ්‍ය උපකුලපති ධුරයට අදාළ උපාධි හිස්වැස්ම මහාචාර්ය රංජිත් පල්ලේගම මහතාට පැලඳ වූ අයුරු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT