Home » තණකොළ කපමින් සිටි මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයා කාරයක හැපී ජීවිතක්ෂයට

තණකොළ කපමින් සිටි මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයා කාරයක හැපී ජීවිතක්ෂයට

by mahesh
September 6, 2024 1:00 am 0 comment

අනුරාධපුර සංචාරක සශිනි මධුෂානි

මාර්ග සංවර්ධන අධිකාරියේ කම්කරුවකු ලෙස සේවය කරමින්, මාර්ගය දෙපස තණකොළ කැපීමේ නිරතව සිටි පුද්ගලයෙකු කාර් රථයක ගැටී තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (04) ජීවිතක්ෂයට පත්ව ඇති බව තඹුත්තේගම මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අංක 9, 411 ගම්මානය, අරුණපුර, තලාව ලිපිනයේ පදිංචිව සිටි කෝණගෙදර කරුණාරත්න නමැති 49 හැවිරිදි පුද්ගලයෙකි.

අනුරාධපුර පාදෙණිය ඒ – 28 ප්‍රධාන මාර්ගයේ තඹුත්තේගම පොලිස් වසමේ තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලය ආසන්නයේ කිලෝමීටර් 57 සහ 58 කණු දෙක අතර මාර්ගය දෙපස ඇති තණකොළ කපමින් සිටි මරණකරු ජලය පානය කිරීම සඳහා මාර්ගයේ අනෙක් පස තිබූ ජල කරාමය වෙත ගොස් තිබූ බව පොලිසිය පවසයි.

ජලය පානය කර නැවත වැඩ කරමින් සිටි ස්ථානයට යෑමට පාර මාරුවීමේදී අනුරාධපුර සිට ගල්ගමුව දෙසට ධාවනය වූ කාර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පවසයි.

මෙම අනතුර සම්බන්ධයෙන් තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ රථ රථ වාහන අංශයේ නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT