බස්නාහිර පළාතේ තිබෙන ATM යන්ත්‍රවලට මුදල් තැන්පත් කිරීම සහ ඒවායේ තිබෙන මුදල් එකතු කිරීම සිදු කරන පුද්ගලික ආයතනයක රියැදුරෙකු අවස්ථා දෙකකදී රුපියල් 1,340,000ක (දහතුන්ලක්ෂ හතලිස් දහසක්) මුදලක් සොරා ගැනීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලිසිය පවසයි.
සැකකරු එලෙස සොරාගෙන තිබූ මුදල්වලින් රුපියල් 1038000ක මුදලක්, අඩි දෙකක් පමණ උස කළුපැහැති රෙදි බෑගයක්, කුඩා ගම් බෝතලයක්, රුපියල් 20,000ක මුදලකින් අලුතින් මිලදී ගන්නා ලද ජංගම දුරකතනයක් සහ බිල්පතක් පොලිස් භාරයට ගෙන ඇත.
ඉකුත් 03 වැනිදා එම ආයතනයේ නිලධාරීන් දෙදෙනෙකු, ආරක්ෂක නිලධාරීයකු මෙන්ම රියැදුරෙකුගෙන් සමන්විත සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ATM කුටිවලට මුදල් තැන්පත් කර රාජකාරී අවසන් කර ආයතනය වෙත පැමිණීමෙන් අනතුරුව කණ්ඩායම විසින් රැගෙන ආ මුදල් ආයතනයේ සුරක්ෂිතාගාරයට භාරදීමේදී එම ස්ථානයේ මුදල් භාර ගැනීමේ රාජකාරියේ නිරතව සිටි නිලධාරීනියකට මුද්‍රා තබන ලද බෑගයක බහා තිබූ මුදල්වලින් රුපියල් 5000 මුදල් නෝට්ටු 208 අඩුවක් තිබී ඇත. ඒ බව ආයතනයේ කළමනාකරුට දැනුම් දීමෙන් අනතුරුව ඒ ආකාරයෙන්ම ඉකුත් මස 24 වැනිදා මෙවැනිම සිදුවීමක් සිදුවී ඇති බැවින් ඒ පිළිබඳ ආයතන මඟින් විමර්ශනයක් සිදු කර ඇති අතර එම විමර්ශනයේදී මෙම මුදල් ආයතන නිලධාරීන් සොරකම් කර නොමැති බවට අනාවරණය වී තිබූ බව පොලිසිය සඳහන් කරයි.
අනතුරුව පැමිණිලිකාර කළමනාකාරවරයා මුදල් රැගෙන පැමිණි වාහනය පරීක්ෂා කිරීම සඳහා සූදානම්වීමේදී එම වාහනය ඔරුගොඩවත්ත වාහන අංගනය වෙත පිටව ගොස් ඇති බව අනාවරණයවීමෙන් අනතුරුව ඔහු එම අංගනය වෙත ගොස් වාහනය පරීක්ෂා කර ඇති අතර මුදල් හමුවී නැතැයි පොලිසිය පවසයි.
වෑන් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ පුද්ගලයාගේ අත්බෑගය පරීක්ෂා කිරීමේදී ඒ තුළ රුපියල් 5000 මුදල් නෝට්ටු තිබෙන අයුරු දැක එම පුද්ගලයා අල්ලාගෙන ඔහුව පොලිසිය වෙත ඉදිරිපත් කළ බව පොලිසිය පවසයි.
එම සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී ආයතනයෙන් නිලධාරීන් දෙදෙනා හා ආරක්ෂක නිලධාරියා මුදල් තැන්පත් කිරීම සඳහා බැංකුව වෙත ගිය අවස්ථාවේදී වෑන් රථයේ සේප්පුව විවෘත කර මුදල් බෑගයක් ගෙන බ්ලේඩයකින් එය කපා මුදල් මිටි සොරාගත් බවත් අනතුරුව විශේෂිත ගම් වර්ගයකින් එය ඇලවූ බවත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය කර ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.
සැකකාර රියැදුරාගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සොරා ගත් මුදලින් රුපියල් 345000 ක මුදලක් සැකකරු පැදවූ වෑන් රථයේ රියැදුරු අසුන යට ඇන්ජිමේ කාපට් එක තුළ සඟවා තිබියදීත්
ඉතිරි මුදලින් රුපියල් 693,000ක මුදලක් සැකකරු සන්තකයේ තිබියදී සොයා ගැනීමට හැකිවූ බවත් පොලිසිය පවසයි.
ඉකුත් 03 වැනිදා සොරාගෙන තිබූ මුදලින් රුපියල් 2000ක මුදලක් සැකකරු විසින් වියදම් කර තිබූ බවත් අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කරයි.
මීට පෙර ඉකුත් මස 24 වැනිදා එම ආයතනයෙන් අස්ථානගත වූ රුපියල් ලක්ෂ 3 ක මුදල ද සැකකරු විසින් සොරාගත් බවට වැඩිදුරටත් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බවත් එයින් රුපියල් 20,000ක් ගෙවා අලුතින් ජංගම දුරකතනයක් මිලදීගෙන තිබූ බවත් ඉතිරි මුදල් සැකකරු ඔහුගේ පුතුගේ අවශ්‍යතාවයකට මෙන්ම නිෙවසේ අවස්ථාවල සඳහා වැය කර තිබූ බව අනාවරණය වී යැයි පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් 44 හැවිරිදි රියැදුරු මංකඩ කොටවෙහෙර පදිංචිකරුවෙකි.
නාරහේන්පිට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ඒ.ඒ.පී. රණසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඉන්දික හෙට්ටිආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.