Home » ගැබිනි බිරිය උකසට තබා හෙරොයින් ජාවාරමේ යෙදෙන බඩෝවිට අසංගගේ ගෝලයා මාට්ටු

ගැබිනි බිරිය උකසට තබා හෙරොයින් ජාවාරමේ යෙදෙන බඩෝවිට අසංගගේ ගෝලයා මාට්ටු

by mahesh
September 6, 2024 1:00 am 0 comment

දෙහිවල - ඩී.පී. හේරත්

විදේශගතව ඩුබායිහි සිටින මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු ජංගම දුරකතන යොදා‍ෙගන සිදුකරන හෙරොයින් ජාවාරමකට සම්බන්ධ බව කියන පුද්ගලයකු අලෙවියට සන්තකයේ තබාගෙන සිටි රුපියල් ලක්ෂ පහලොවකට අධික වටිනා හෙරොයින් ග්‍රෑම් 27ක් ද සමඟ ගල්කිස්ස බඩෝවිට තුන්වන අදියරදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාස විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි. මෙම සැකකරු තම ගැබිනි බිරිඳ යොදා‍ෙගන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම උපක්‍රමශීලීව සිදු කරනු ලබන බවට හෙළිවී ඇතැයිද පොලිසිය කියයි.

සැකකරු බඩෝවිට 3 වන අදියර පදිංචි 26 හැවිරිදි අයකු බවද පොලිසිය සඳහන් කරයි.

මේ වන විට ඩුබායි රටට පලාගොස් සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන Òබඩෝවිට අසංගÓ යන අයගේ ප්‍රධාන ගෝලයෙකු වශයෙන් කටයුතු කර ඇති සැකකරු, දුරකතන ඇමතුම් අනුව ලැබෙන හෙරොයින් තොග වශයෙන් ලබාගෙන නි‍ෙවසේ සිට පැකට් කර රත්මලාන, දෙහිවල, මොරටුව, කොරලවැල්ල, බොරලැස්ගමුව, පානදුර, පිළියන්දල යන ප්‍රදේශවලට සිල්ලර වශයෙන් අලෙවි කරනු ලබන බවට හෙළිවී ඇතැයිද පොලිසිය පවසයි.

බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාස විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මුදිත දල්පතාදු මහතාගේ අධීක්ෂණය මත පොලිස් සැරයන් (56958) ප්‍රශන්න, (40753) හෙට්ටිආරච්චි, පොලිස් කොස්තාපල්වරු වන (86453) ජයතිලක, (85009) වීරවංශ යන නිලධාරීන් විසින් මෙම මෙහෙයුම සිදුකර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT