Monday, April 21, 2025
Home » වයස අවුරුදු 11-13 රාගම සිසුහු දෙදෙනෙක් අතුරුදන්

වයස අවුරුදු 11-13 රාගම සිසුහු දෙදෙනෙක් අතුරුදන්

by mahesh
September 6, 2024 1:00 am 0 comment

ජාඇළ සමූහ - ප්‍රසංග පෙරේරා

රාගම පොලිස් වසමේ පදිංචි පාසල් සිසුන් දෙදෙනකු ඉකුත් 04 වැනිදා සිට අතුරුදහන්ව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බව පොලිසිය පවසයි.

රාගම, බටුවත්ත ප්‍රදේශයේ පදිංචි මිතුරන් වන පාසල් සිසුන් දෙදෙනකු මෙලෙස අතුරුදහන් වී ඇත. මිතුරන් දෙදෙනකු වන අංක 485/බී/එස්. නාරංගොඩපාලුව, රාගම ලිපිනයේ පදිංචි 11 හැවිරිදි ආර්. එම්. සෙත් මානිතු හා අංක 487 /ඩී /එස්, නාරංගොඩපාලුව, රාගම ලිපිනයේ පදිංචි 13 හැවිරිදි එස්.ඒ.ඊ. ඕෂධ ඉන්දීර යන පාසල් සිසුන් මෙලෙස අතුරුදහන්ව තිබේ. මොවුන් දෙදෙනා එකට සෙල්ලම් කරමින් සිටියදී අතුරුදහන්ව තිබෙන බවට එක් සිසුවකුගේ මවක් හා අනෙත් සිසුවාගේ මිත්තණිය විසින් පොලිසියට පැමිණිලි කරමින් පවසා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු රාගම පොලිස් ස්ථානයේ කාන්තා හා ළමා කාර්යාංශය විසින් සිදු කරනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT