Home » නල්ලූර් කන්දසාමී කෝවිලේ වේල් රථය ඇදීම ලක්ෂ දෙකක සහභාගීත්වයෙන්

නල්ලූර් කන්දසාමී කෝවිලේ වේල් රථය ඇදීම ලක්ෂ දෙකක සහභාගීත්වයෙන්

by sachintha
September 6, 2024 2:16 am 0 comment

යාපනයේ ඓතිහාසික නල්ලූර් කන්දසාමී කෝවිලේ වාර්ෂික මංගල්‍යයේ වේල් රථය ඇදීමේ උත්සවය පෙරේදා (01) පැවති අතර ඊට බැතිමතුන් ලක්ෂ දෙකකට වඩා වැඩි පිරිසක් සහභාගිවීම නිසා යාපනය නගරය පුරා දැඩි තදබදයක් පැවතුණි.

අධික ජනකායක් සවස් කාලයේ සිටම යාපනය නගරයට ඇදී එන්නට පටන් ගැනීම නිසා නල්ලූර් කෝවිල දෙසට ගමන් ගන්නා සියලුම මාර්ග වාහන ගමනාගමනයට ඉඩ නොතබා වසා දැමීමට පොලිසියට සිදුවුණි.

වෙනත් විකල්ප මාර්ග භාවිත කිරීමට ජනතාවට උපදෙස් ලබා දී තිබුණි.

මෙවර නල්ලූර් කෝවිලේ වේල් රථය ඇදීමේ උලෙළට ඉන්දියාවේ සිටද පූජකවරු හා බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වී සිටි අතර යාපනය නගරයේ හෝටල් හා වෙනත් නවාතැන්පළව සියල්ලක්ම අමුත්තන්ගෙන් පිරී පැවතුණි.

සාමාන්‍ය දිනයකදී යාපනයේදී රුපියල් 3000කට මිලට ගත හැකි වූ සාමාන්‍ය පහසුකම් සහිත කාමරයක මේ දිනවල මිල රුපියල් 8000 ක් පමණ වෙයි. නල්ලූර් කෝවිලේ උත්සවයට සහභාගි වන පිරිස නිසා යාපනය නගරයද මේ දිනවල ජනාකීර්ණ නගරයක් බවට පත්ව තිබේ.

උතුරු පළාත් විශේෂ

රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT