Home » මාන්කුලමේ බිම්බෝම්බ පිපිරීමක්

මාන්කුලමේ බිම්බෝම්බ පිපිරීමක්

by chanaka
September 6, 2024 10:48 am 0 comment

මුලතිව් – මාන්කුලම් තුනුක්කායි ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් යුද සමයේ වලදමන ලද බිම්බෝම්බ ඉවත් කරමින් සිටියදී වලදමා තිබූ බිම් බෝම්බයක් පුපුරා යාමෙන් එම සංවිධානයේ සේවයේ නිරත සේවිකාවන් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

බෝම්බය පිපිරීමෙන් බරපතල තුවාල ලැබූ අදාල කාන්තාවන් සිව් දෙනා මාන්කුලම් මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය මහරෝහලට මාරුකොට යැවීමට පියවර ගෙන ඇති බව තුනුක්කායි පොලීසිය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT