270
ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 62ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කාන්තාවක් දෙමටගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 44 ක් වන හේනේගම, අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකාරියකි.
ඊයේ (05) රාත්‍රියේ දෙමටගොඩ පොලිස් වසමේ වේළුවන පාර ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී එම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.