Saturday, April 19, 2025
Home » හොර 5000 නෝට්ටු ළඟ තබාගත් කාන්තාවක් දැලේ

හොර 5000 නෝට්ටු ළඟ තබාගත් කාන්තාවක් දැලේ

by chanaka
September 6, 2024 10:42 am 0 comment

ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 62ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කාන්තාවක් දෙමටගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 44 ක් වන හේනේගම, අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ඊයේ (05) රාත්‍රියේ දෙමටගොඩ පොලිස් වසමේ වේළුවන පාර ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී එම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT