Home » ප්‍රංශයේ නව අගමැති මයිකල් බාර්නියර්

ප්‍රංශයේ නව අගමැති මයිකල් බාර්නියර්

by chanaka
September 6, 2024 10:37 am 0 comment

 

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්, මයිකල් බාර්නියර් එරට නව අගමැති ලෙස නම් කර තිබේ.

ඒ ප්‍රංශයේ හදිසි මැතිවරණය දේශපාලන අර්බුදයකින් අවසන් වී මාස දෙකකට පමණ පසුවය.

73 හැවිරිදි බාර්නියර් යුරෝපා සංගමයේ හිටපු ප්‍රධාන බ්‍රෙක්සිට් සාකච්ඡාකරු වන අතර 2016 සහ 2019 අතර එක්සත් රාජධානියේ රජය සමඟ සාකච්ඡා මෙහෙයවූ අයෙක් වන අතර දක්ෂිනාංශික රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රවීණයෙකු වන ඔහු දිගු දේශපාලන ජීවිතයක් ගත කර ඇති අතර ප්‍රංශයේ සහ යුරෝපා සංගමය තුළ විවිධ ජ්‍යෙෂ්ඨ තනතුරු හොබවා තිබේ.

කිසිවකුටත් පැහැදිලි බහුතරයක් පිහිටුවීමට නොහැකි වූ විශාල දේශපාලන කණ්ඩායම් තුනකට බෙදී ඇති ජාතික සභාවක දැන් ආණ්ඩුවක් පිහිටුවීමට ඔහුට සිදුවණු ඇත.

වසර තුනකට පෙර බාර්නියර් තමන් ප්‍රංශ ජනාධිපති ධූරය සඳහා ජනාධිපති මැක්‍රොන් සමග තරග කරන බවත් පවසා තිබූ අතර ඒ සංක්‍රමණ සීමා කිරීමට සහ පාලනය කිරීමට අවශ්‍ය බව පවසමිනි.

නමුත් අවසානයේදී ඔහුගේ පක්ෂයෙන් ඔහුව ජනපති අපේක්ෂකයෙකු ලෙස තෝරා ගත්තේ නැත.

කෙසේ වෙතත් 1958 දී ප්‍රංශයේ පස්වන ජනරජය බිහිවීමෙන් පසු බාර්නියර් මහතා ධූරයට තේරී පත්වූ ප්‍රංශයේ වයස්ගතම අගමැති වනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT