කථන ආබාධ සහිත ගොළු පවුල් රැසක් ජීවත් වන ගම්මානයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබේ. තිරප්පනය අංකය 553, තුලානේ, මීගල්ලෑව ග්‍රාමසේවා වසමේ තිනිපිටියගම නමින් හඳුන්වන ගම්මානය බොහෝ දෙනා හඳුන්වනු ලබන්නේ ගොළු ගම්මානය නමින් වීම විශේෂත්වයකි.
මහලු, මැදි හා කුඩා ළමුන් ජීවත් වන පවුල් දොළහක පුද්ගලයන් විසි හත් දෙනකු මෙම ගම්මානයේ කතා කිරීමට නොහැකි ගොළු පිරිස් බවට පත්ව සිටීම විශේෂත්වයකි. පරම්පරාවෙන් පරම්පරාවට ව්‍යාප්ත වෙමින් පවතින මෙම ගම්මානයේ බොහෝ දෙනා කථන ආබාධ සහිතව ඉපදීම සිදුවන බවත් ඔවුහු පවසති.
කුලී වැඩ සහ මසුන් ඇල්ලීම සුළු වශයෙන් කර ජීවත් වෙන කථන ආබාධ සහිත පුද්ගලයන් පදිංචිව සිටින තිනිපිටි ගම නමැති ගම්මානය සොයා අප ගියෙමු.
මෙම බහුතර ජනතාව ආර්ථීක දුෂ්කරතාවයන්වලට ලක්ව නිසි ලෙස නිවාසයක් වැසිකිළියක් පානීය ජල පහසුකමක් මාර්ග පහසුකමක් මෙන්ම ඉඩම්වල අයිතියක්ද නොමැතිව ජීවත් වන බව ඔවුහු පෙන්වා දෙති.
පාසල් වියේ පසු වුවද පාසල් නොයන සීමිත ළමුන් ප්‍රමාණයක්ද සිටින බවත් කථන ආබාධ සහිත දරුවන් අනුරාධපුර සහ කොළඹ පිහිටි ඔවුන්ට වෙන් වූ පාසල්වල ඉගැන්වීම් කටයුතු සඳහා යොමු කර තිබෙන බවද ඇතැම් පිරිස් ගම්මානයෙන් පිට වෙනත් ප්‍රදේශවල ආවාහ විවාහ වී ජීවත් වන බවද මෙම ගම්මානයේ ජනතාව පවසති.
කටු මැටි ගැසූ නිවෙස්වල ඉටිරෙදි එල්ලාගෙන සිටින පවුල් අඩක් නිම කර ඇති නිවාසවල මෙන්ම ජීවත් වීමට ඉතා අපහසු නිවාසවල ජීවත් වන ජනතාවට නිවාස ආධාරයක් හෝ නොමැතිව ජනතාව සිටින බව ගම්හු පෙන්වා දෙති. මෙහි ජීවත් වන මව පියා ගොළු වුවද ඔවුන්ගේ දරුවන්ට නිසි ලෙස කතා කිරීමට හැකියාව තිබුණද මවුපියන්ගේ ආභාෂය සහ අවට පදිංචි අයගේ ගොළු භාෂාව නිසා කතා කිරීමට හැකි කුඩා දරුවන් සහ වැඩිමහල් අයද නිතර නිතර ගොළු භාෂාවෙන් හස්ත සංඥාවලින් කතා කරන බව කතා කිරීමට හැකි පිරිස් පෙන්වා දෙති.
මෙම ගොළු ගම්මානයේ කාන්තාවන් දස දෙනෙක්, පිරිමි පුද්ගලයන් දස දෙනෙක් හා දරුවන් පහළොස් දෙනෙකු පමණ දැනට ජීවත් වන බව ගම්හු පවසති.
ගම්මානයේ ජීවත් වන පවුල් දොළහක පිරිස අතරින් පවුල් නවයක පිරිසක් ගොළු පවුල් බවත් ඔවුහු පෙන්වා දෙති.
තම ගම්මානයට අවශ්‍ය පොදු පහසුකම් ආහාරපාන ඇඳුම් පැලඳුම් මෙන්ම වැසිකිළි කැසිකිළි පානීය ජලය ඉඩම්වල අයිතියක් සහ කුමන හෝ ස්වයං රැකියාවක් කර ගැනීමට අවශ්‍යතාවය ඇති බව ඔවුහු පෙන්වා දෙති. පාසල් දරුවන්ට පාසල් යන අවස්ථාවන්හිදී ගොළු ගම්මානයේ දරුවන් බව හුවා දක්වමින් ඔවුන් කොන් කිරීම නිසා සමාජයේ පීඩනයකට ලක්ව සිටින බවද ගම්මානයේ ජනතාව වැඩිදුරටත් අප සමඟ සඳහන් කරන්නට වූහ.
මෙම ගම්මානයේ කතා කිරීමට හැකි උපාධිධාරී කාන්තාවක් වන නන්දා රාජපක්ෂ මහත්මිය කියා සිටියේ තමන් වසර ගණනාවක සිට මෙම ගම්මානයේ ජනතාවට උදව් උපකාර ලබා ගැනීම සඳහා උත්සාහ කළ බවය. විශ්වවිද්‍යාලවල සිටින විශේෂඥ කණ්ඩායම් ගමට ගෙන්වා මෙම ජනතාවට හස්ත භාෂාව පුරුදු පුහුණු කළද මවුපියන් කතා නොකිරීම නිසා දරුවන්ද හස්ත භාෂාවෙන් කතා කිරීමට නිතර නිතර යොමුවීම කතා කිරීමට හැකි දරුවන්ද ගොළු දරුවන් ලෙස දක්නට ඇතැයි ඇය සඳහන් කළාය.
මෙම ගම්මානයේ තරුණ මවක් වන රප්‍රිසානි රම්‍යලතා මහත්මිය කියා සිටියේ, තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මෙන්ම නිවාස නැති ජනතාවට කුඩා නිවාස ව්‍යාපෘතියක් හෝ ආදායම් මාර්ගයක් ලැබෙන ක්‍රමවේදයක් සකසා මෙම ගම්මානය විශේෂ ආබාධිත පුද්ගලයන් සිටින නිසා විශේෂත්වයක් සලකා ඔවුන්ගේ හෙට දවස සාර්ථක කර දෙන ලෙස තමන් රජයේ බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවය. වැඩිහිටි බොහෝ දෙනකු අධ්‍යාපනය නොලැබීම නිසා අසරණව සිටින බවත් තම දරුවන්ටද එම තත්ත්වය උදා වුවහොත් ඉදිරියේදී ගම්මානයේ ජනතාවට බරපතළ ප්‍රශ්න රැසකට මුහුණ පෑමට සිදුවන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
විදුලි බිල් ගෙවා ගැනීමට නොහැකිව මාස ගණනාවක් තිස්සේ විදුලිය විසන්ධි කර තිබෙන ගෙවල් බොහොමයක් ඇති බවද ඔවුන් ආහාර අර්බුදයකටද මුහුණපා සිට ඇතැයි ද ඇය සඳහන් කළාය.
සීගිරිය විශේෂ