Tuesday, April 22, 2025
Home » ජනාධිපතිතුමා ක්‍රියාවට නංවා ඇති වැඩපිළිවෙළ සජබ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කිරීම විහිළුවක්

ජනාධිපතිතුමා ක්‍රියාවට නංවා ඇති වැඩපිළිවෙළ සජබ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කිරීම විහිළුවක්

-මන්ත්‍රී මධුර විතානගේ

by sachintha
September 5, 2024 1:15 am 0 comment

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් ක්‍රියාවට නංවා ඇති වැඩපිළිවෙළ සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කිරීම විහිළුවට කරුණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (04) පැවසීය.

ආනයන අපනයන පනත යටතේ රෙගුලාසි දෙකක් සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය. ද්‍රවිඩ මන්ත්‍රී සන්ධානය නියෝජනය කරන විශාල පිරිසක් මට අද උදේ හමු වුණා. සුමන්තිරන් සහ රාසමානික්කම් මන්ත්‍රීවරුන් හැර අන් සියලු දෙනා ජනාධිපතිවරයා වෙනුවෙන් සහාය දෙන බව ඔවුන් මට ප්‍රකාශ කළා. දේශපාලන කුමන්ත්‍රණ, රටවලින් වෙන බලපෑම් විශාල ලෙස පවතිනවා. ඒ සඳහා මේ මැතිවරණ ව්‍යාපාරයට විශාල මුදලක් රටවලින් ලැබෙනවා. ඉස්සර කැට සොලවමින් සිටි දේශපාලන පක්ෂ අද වන විට නතර කර තිබෙනවා. ඔවුන්ට රටවලින් මුදල් ලැබෙනවා. කෝට්ටේ ඔබේසේකරපුර කියලා ගමක් තිබෙනවා. එහි ප්‍රධාන මාර්ගයේ ව්‍යාපාර කරන්නේ මඩකලපුව, වාලච්චේන, කාත්තන්කුඩිවලින් පැමිණි මුස්ලිම් ජනතාව. මේ ළඟකදී මම ඔවුන්ගේ ඇහුවා ඔයාලට ඇවිත් මෙහේ ඕනෑම විදියකට ජීවත් වෙන්න අවස්ථාව සලසා දීලා තිබෙනවා. නමුත් අපිට ගිහිං ඔයාලගේ ප්‍රදේශවල ජීවත් වෙන්න දෙන්නේ නෑ නේද කියලා ඇහුවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT