Home » සීදූවේ නේවාසිකාගාරයක් තුළ කාන්තා මළ සිරුරක්

සීදූවේ නේවාසිකාගාරයක් තුළ කාන්තා මළ සිරුරක්

by yasara
September 5, 2024 3:15 pm 0 comment

සීදුව පොලිස් වසමේ නේවාසිකාගාරයක් තුළ කාන්තාවක් ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය ට ලද තොරතුරක් මත කටුනායක බ්‍රේස්ලයින් පාරේ අමන්දොලුව අංක 05 මරීනා මාවතේ පිහිටි නේවාසිකාගාරයක් තුළ ඇදක් මත තිබී  ඊයේ (04)  දින සවස ඝාතනයට ලක් වු කාන්තා මළ සිරුර සීදූව පොලිස් ස්ථානයේ නිලධාරීන් ට හමුව තිබේ.

කටුනායක වෙළෙඳ කලාපයේ මෑන් පවර් ආයතනයකට සම්බන්ධව සේවය කර ඇති ඝාතනය ට ලක් වූ කාන්තාව අංක 128 /5 ඒ පලතුරු වත්ත සෙනරත්කඩ පදිංචි එච්. එම්. ශිරෝමි පුෂ්පලතා (43) නැමැති එක් දරු මවක් බව පොලීසිය විසින් අනාවරණය කර ගෙන තිබේ.

මිය ගිය කාන්තාවගේ දරුවා ඇයගේ ඥාතින් ගේ සමීපයේ හැදී වැඩෙන අතර මියගිය අය සිය සැමියා යැයි පැවසෙන කටුනායක පෞද්ගලික ආයතනයක රියදුරකු සමග වසර 09 ක පමණ කාලයක් නේවාසිකාගාරයේ ඉතා සාමකාමීව ජීවිතයක් ගතකර ඇතැයි අසල් වැසියන් අනාවරණය කල බව පොලිසිය සඳහන් කරයි.

කාන්තාව මිය ගිය පසු ඇයගේ සැමියා යැයි පැවසෙන පුද්ගලයා ප්‍රදේශය අතහැර ගොස් තිබෙන බව පොලිසිය සඳහන් කරයි.

මියගිය කාන්තාව සිටි නේවාසිකාගාරයේ තිබී ලේ තැවරුණු මන්නා පිහියක් ද පොලිසිය ට හමුවී තිබේ.

සීදූව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT