Home » පාහියන්ගල ආනන්දසාගර හිමියන්ට එරෙහිව

පාහියන්ගල ආනන්දසාගර හිමියන්ට එරෙහිව

-මනූෂගෙන් නීතිමය පියවර

by sachintha
September 5, 2024 3:16 am 0 comment

විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීමට එරෙහිව පාහියන්ගල ආනන්දසාගර හිමියන්ට එරෙහිව හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා නීතිමය පියවර ගෙන තිබේ.

ඒ අනුව පළමු පියවර ලෙස අසත්‍ය, පදනම් විරහිත ප්‍රකාශ නිකුත් කළ ආනන්දසාගර හිමියන්ට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා මනූෂ නානායක්කාර මහතා සිය නීතිඥයන් මඟින් ආනන්දසාගර හිමියන් වෙත එන්තරවාසියක් යොමු කර ඇත.

මනූෂ නානායක්කාර මහතා සිය නීතිඥයන් මඟින් මෙම එන්තරවාසිය ඊයේ (04) යවා ඇත.

හිටපු අමාත්‍යවරයාගේ ඥාතියකුට අයත් විදේශ රැකියා ඒජන්සියකින් විදේශ රැකියා සඳහා පුද්ගලයන් යොමු කර ඇති බවටත් ඒ මඟින් කෝටි ගණනින් මුදල් උපයා ඇති බවට ආනන්දසාගර හිමියන් කර ඇති ප්‍රකාශවල කිසිදු පදනමක් නැති බව ද මනූෂ නානායක්කාර මහතා සිය නීතිඥයන් මඟින් යොමු කරන ලද එන්තරවාසියේ දැක්වේ. මනූෂ නානායක්කාර මහතාගේ නම අවස්ථා කිහිපයකදීම සඳහන් කරමින් චේතනාන්විතව අපහාස කිරීමේ අරමුණින් ආනන්දසාගර හිමියන් විසින් ප්‍රකාශ නිකුත් කර තිබෙන බව ද එන්තරවාසියේ සඳහන් වේ.

මෙසේ අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් අපහාස කිරීමට කටයුතු කිරීමට එරෙහිව රුපියල් මිලියන පන්සියයක වන්දිය දින 14ක් ඇතුළත ගෙවා අවසන් කරන ලෙසත් එසේ නොවන්නේ නම් අධිකරණයේ නඩු පවරා වන්දි මුදල, ඊට අදාළ අලාභ සහ නඩු ගාස්තු අය කර ගැනීමට කටයුතු කරන බව ද මනූෂ නානායක්කාර මහතා සිය නීතිඥයන් මඟින් යොමු කළ එන්තරවාසියේ වැඩිදුරටත් සඳහන් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT