Home » ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ප්‍රධානියා Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරය නිරීක්ෂණයට සැරසෙයි

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ප්‍රධානියා Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරය නිරීක්ෂණයට සැරසෙයි

by chanaka
September 5, 2024 3:16 pm 0 comment

යුක්රේනයේ Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරය වෙත ලබන සතියේ පැමිණෙන බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල් Rafael Grossi මහතා පවසයි. හෙතෙම 29 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.

එහි න්‍යෂ්ටික ආරක්ෂණ තත්ත්වය අවිනිශ්චිත බැවින්, තම සංචාරය අතරතුර බලාගාරය සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වීමටත්, එහි තත්ත්වය තක්සේරු කිරීමටත් අපේක්ෂා කරන බව ද ඔහු කියාසිටී.

මෑතක දී බලාගාරයේ සිසිලන කුලුණේ ඇති වූ ගින්න සහ අගෝස්තු මස මුල දී බලාගාරය ආසන්නයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය ඇතුළු අන්තරායකර සිදුවීම් Rafael Grossi මහතාගේ මෙම නිරීක්ෂණ චාරිකාවට හේතු වී තිබේ.

න්‍යෂ්ටික අනතුරක් කෙසේ හෝ වැළැක්විය යුතු බවත්, න්‍යෂ්ටික බලාගාරයකට කිසිදා ප්‍රහාරයක් එල්ල නොකළ යුතු බවත් ඔහු අවධාරණය කර ඇත. එහි ප්‍රතිවිපාක ඉතා විනාශකාරී විය හැකි අතර, ඉන් කිසිවකුටත් ප්‍රයෝජනයක් අත් නොවේ. න්‍යෂ්ටික ආරක්ෂාව තර කිරීම සිය අධිෂ්ඨානය බව ද ඔහු පවසා තිබේ.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT