Monday, April 21, 2025
Home » හදිසි අවස්ථා අරමුදල් සපුරාලීමට ජගත් සංවිධානයෙන් ඩොලර් මිලියන 100 ක්

හදිසි අවස්ථා අරමුදල් සපුරාලීමට ජගත් සංවිධානයෙන් ඩොලර් මිලියන 100 ක්

by chanaka
September 5, 2024 3:13 pm 0 comment

අප්‍රිකාව, ඇමරිකාව, ආසියාව සහ මැදපෙරදිග ඇතුළු කලාපවල රටවල් 10 ක හදිසි අවස්ථා සඳහා වන අරමුදල්වල ඌනතා සපුරාලීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 100 ක මුදලක් නිදහස් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගනී.

එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය (OCHA) මේ බව පැවසීය. එම කාර්යාලයේ වැඩබලන මහලේකම් මෙන්ම මානුෂීය සහ හදිසි සහන සම්බන්ධීකාරක Joyce Msuya මහත්මිය, හදිසි ප්‍රතිචාර මධ්‍යම අරමුදලෙන් (CERF) එම ප්‍රතිපාදන ලබා දී තිබේ.

මෙම නව අරමුදල්වලින් තුනෙන් එකකට අධික ප්‍රමාණයක් යේමනයේ සහ ඉතියෝපියාවේ ආධාර මෙහෙයුම් සඳහා යෙදවීමට නියමිත ය. ඒ පිළිවෙළින් ඇමරිකානු ඩොලර් මිලියන 20 ක් සහ 15 ක් වශයෙනි. කුසගින්න, අවතැන්වීම්, රෝගපීඩා සහ දේශගුණික විපත් හේතුවෙන් එම රටවල ජනතාව දැඩි අසීරුතාවන්ට පත්ව සිටිති.

මීට අමතරව, මියන්මාරය, මාලි, බුර්කිනා ෆාසෝ, හයිටි, කැමරූන්, මොසැම්බික් බුරුන්ඩි සහ මලාවි යන රටවල් සඳහා ද අරමුදල් පිරිනැමෙනු ඇත.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT