Home » අමෙරිකාවේ උසස් පාසලක වෙඩි තැබීමක් – 04ක් මරුට

අමෙරිකාවේ උසස් පාසලක වෙඩි තැබීමක් – 04ක් මරුට

by chanaka
September 5, 2024 12:08 pm 0 comment

අමෙරිකාවේ ජෝර්ජියාහි උසස් පාසලක සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.

14 හැවිරිදි පාසල් දරුවන් දෙදෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු ඊට අයත් බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

වෙඩි තැබීම සිදුකරනු ලැබ ඇත්තේ 14 හැවිරිදි සිසුවෙකු විසිනි. ප්‍රහාරයෙන් තවත් 9 දෙනෙකු තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඉන් අට දෙනෙකුම පාසල් දරුවන් බවයි. වෙඩි තැබීම සිදුකළ කෝල්ට් ග්‍රේ නැමති සිසුවා විදුහල පරිශ්‍රයේදීම අත්අඩංගුවට ගෙන තිබේ.

ජෝර්ජියා පොලීසිය පවසන්නේ ඔහු වැඩිහිටියෙකු ලෙස සලකා නීතිය ක්‍රියාත්මක කරන බවයි. මෙම සිසුවා පිළිබදව ඉකුත් වසරේදී අමෙරිකානු රහස් පොලීසිය විසින් අනතුරු ඇගවීම් සිදුකර ඇති බවද වාර්තා වේ.

ඒ පාසල තුළදී වෙඩි ප්‍රහාරයක් සිදුකරන බවට අන්තර්ජාලය ඔස්සේ තර්ජන එල්ල කර තිබීම සම්බන්ධයෙනි.

කෙසේවුවද අදාළ අංශ එම අනතුරු ඇගවීම් නොසලකා හැර ඇති බව වාර්තාවේ. මෙම වෙඩි තැබීමේ අරමුණ කුමක්ද යන්න පිළිබඳව මෙතෙක් හෙළි වී නොමැත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT